
(ඩයනා උදයංගනී)
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඉදිරි දිනවල සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00 න් පමණ පසු මෙම වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ට වැඩි තද වැසි ඇතිවන වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය. උතුරු, උතුරු-මැද පළාත්වලත්, ගාල්ල, මාතර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේද වැසි ඇති වන බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.
ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු ඇති විය හැකි බැවින් අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මේකට සබරගමුව පළාත ඇතුළත් නොකලේ? පුළුවන් නම් සබරගමුවට වැසි නැති දිනයක් කියන්න..