(සුජිත් හේවාජුලිගේ )
කොවිඩ් ව්‍යාප්තිය සැලකිල්ලට ගැනීමේදී ඉදිරි සති තුන තීරණාත්මක බව කොවිඩ් පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය .
සිංහල හින්දු අලුත් අවුරුද්දට පෙර ජනතාව හැසිරුණු ආකාරය අනුව මේ දිනවල එහි ප්‍රතිඵල ලැබෙමින් තිබෙන බව කී යුද හමුදාපතිවරයා අවුරුද්දෙන් පසු දින කීපයේ දී ජනතාව හැසුරුණු ආකාරයේ ප්‍රතිඵල ඉදිරි සති දෙකේදී දැකගත හැකිවනු ඇතැයි ද සඳහන් කළේය .
සෞඛ්‍ය මාර්ගෝපදේශ අකුරටම පිළිපදින ලෙසද විශාල වශයෙන් සෙනඟ ගැවසෙන ස්ථානවලට යෑමෙන් වළකින ලෙසද තමා මහජනතාවගෙන් මහත් ඕනෑකමින් ඉල්ලාසිටින බව ඔහු කීය .
සිංහල හින්දු අලුත් අවුරුද්දට පෙර ඇතැම් ජනතාව ගේ හැසිරීම ඉතා නරක තත්ත්වයේ තිබූ බව ද යුද හමුදාපතිවරයා පැවසීය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තුනක් මොකටද? අපි සතියෙන් කියන්නම්...
ඔව් ඉදිරි සති තුන තීරණාත්මකයි. වරාය නගරය චීනයට විකුණන කන් කොරෝනා ගැන කියකියා ජනමතය වෙනස් කරයි. උද්ඝෝෂණ නතර කිරීමයි මේ කරන්නේ... මැයි දිනය තහනම් කිරීම අනෙක් කාරණය...
ඔබතුමා පාලකයින්ගේ වැරදි වලට මහජනතාවට දොස් කියනවා වගෙයි.
පොර කකා අවුරුදු කද්දි තීරණාත්මකයි කියලා හිතුනේ නැද්ද?
සර්.. ඔබතුමා කියපු අපේ රටේ බුද්ධිමත් ජනතාව සෞඛ්‍ය අංශ, පොලිසිය, කියපු විදිහට මේ දීර්ඝ නිවාඩුව කොහේවත් යන්නේ නැතුව ගෙවල් ඇතුළටම වෙලා කාලය ගෙවනවා. මේ වනවිට නුවරඑළිය, අනුරාධපුර, කතරගම වැනි නගර ජනශුන්‍ය තත්වෙන් තියෙන්නේ... කිසිම සංචාරකයෙක් නැතුව.. අපි සති තුනෙන් කොරෝනා තුන්වෙනි රැල්ල සාර්ථකව නිම කරනවා...
ඉදිරි සති 03 හරියට කළමනාකරණය කරන්න තිබ්බා. මේ දවස් 03 හරියට පාලනය කළා නම්... දකින්න ඇතිනේ නුවරඑළියේ ඉන්න මහසෙනඟ...
මෙයා යුද්ධය ප්ලෑන් කරානම් හොදටම තියෙයි. කෝ අවදානම ට සූදානම ?
ප්‍රභූ පැළැන්තියේ අය මුඛ ආවරණ නැතිව නුවර එළියේ අශ්ව රේස් තියන එකත් ගොඩක් තීරණාත්මක වෙන්න ඇති නේද මහත්තයෝ..?
ඇයි දැන් ඔබතුමන්ලා ඔහොම කියන්නේ? ලංකාවේ මිනිස්සුන්ට එපා කිව්වට වැඩක් නැහැ. දැක්කා නේද? චාරිකා ගිහින් හිටපු සෙනඟ.. ඇයි රට වහන්නේ නැත්තේ... එතකොට තමයි තේරෙන්නේ, දැන් පරක්කු වැඩියි. මොනවා කරන්නද? පව් මිනිස්සු... මැරෙනවා ....
අපේ මිනිස්සුන්ගෙ හැටි දන්න නිසා අවුරුදු කාලේ දැඩි නීති දාන්ඩ තිබුනා. ඒ කිසිවක් නොකර දැන් මිනිසුන්ට බැනල වැඩක් නෑ. නිදහස දුන්නම කොයි රටෙත් මිනිස්සු එලියට යනවා. හැම රටකම රජයන් නීති දාල මිනිස්සුන්ව හිර කරන්නෙ ඒකයි. දැන් ප්‍රමාද වැඩියි
වරාය නගර පනත සම්මත කරගන්න තෙක් මේ රට තීරණාත්මකයි කොරෝනා ඒක ඉස්සරට දාලා අපි හැම පනතක්ම සම්මත කරගනිමු .. අපි මේ පිට තියලා මැයි දින පෙළපාළි තහනම් කරමු නේද
සති තුන විතරක් නෙමෙයි නන්දසේන මහතා ඇතුළු මේ රජය ඉන්නකල්ම අපේ රට තිරණාත්මකයි