(ඩයනා උදයංගනී)
ඉදිරි සෑම මැතිවරණයකදීම ‘උත්තර ලංකා සභාගය’ ලෙස අනිවාර්යයෙන්ම වෙනම තරඟ කරන බව එහි සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.
මෙම සභාගයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සම්බන්ධ කරගැනීමේ කිසිඳු අදහසක් නොමැති බවත්,ත් එහි සිටින සුජාත භාවයක් ඇති අපත්‍ය කෑමක් ගතහොත් ඔක්කාරයට එන ආකාරයේ පිළිගත හැකි පිරිස් පැමිණියහොත් සාදරයෙන් පිළිගන්නා බව ද සභාපතිවරයා සඳහන් කළේය.
එසේ වුවත් පැමිණෙන ඕනෑම අයෙක් උත්තර ලංකා සභාගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයනයට එකඟ විය යුතු බව ද හෙතෙම කීවේය.
විමල් වීරවංශ මහතා මේ බව පැවසුවේ බොරැල්ලේ පිහිටි කොමියුනිස්ට් පක්‍ෂ මූලස්ථානයේ දී අද (9) පැවැත්වූ ‘උත්තර සභාගයේ’ පළමු මාධ්‍ය හමුව අමතමිනි.
මෙම සභාගය සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය එක්වන්නේ නැද්දැයි මාධ්‍යවේදියකු මෙහිදී නැගූ පැනයකට පිළිතුරු දුන් විමල් වීරවංශ මහතා පැවසුවේ එයඑහි නායකයන්ගෙන් ඇසිය යුතු බවයි.
මේ වෙලාවේ රට ඉබාගාතේ ගෙනයාම වරදක් බව කී මන්ත්‍රීවරයා අර්බුද සමනය වූ වහා මහ මැතිවරණයකට ගොස් ජනතාව කැමති නායකත්වයත් තෝරාගැනීමට අවස්ථාව දිය යුතු බව ද ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකක්ද මේ දාලා තියෙන නම? යනඑන මන් නැති හාල්පාරුවන්ගේ සභාගය වෙන්ඩැති...
ඉතා හොඳයි, මේ අයගේ තරම රටේම ජනතාව අපූරුවට පෙන්වාවි...
ඉතින් අපිට පාන්ද?
අංග විකල පක්ෂය...!
ජනතාව ඉදිරියේ නිරුත්තර වෙන වැඩ කළොත් නම් උත්තර ලංකාවට කුණු බිත්තර වදියි..!
එන්නකෝ... ඊළඟ ඡන්දෙන් ගෙදරම යන්න පුළුවන් වේවි..!
මේ අලුත් පක්ෂයටවත් දීලා බලමු. විමල් ඉන්නවා නම් මම ඡන්දය දෙනවා.
ජනතාව බලාහිටියේ එහෙම වෙන්න කියලා තමයි මුන්දැ හැමදාම දිනුවේ සාරිපොටේ නැත්නම් සාටකේ එල්ලිලා කියලා ජනතාව දන්නවා..
තමුන්ගේ පක්ෂය කවුරුවත් ගණන් ගන්නේ නැහැ. ඒකනේ සාටකේ එල්ලුනේ. මෙදා පාර කාගේ හරි කරේ එල්ලිලා ගොඩයන්න හැදුවාට වැඩක් වෙන එකක් නැහැ. ඔය කාගෙ කාගේත් කෙරුවාවල් ගැන අපි දන්නවා. උත්තර නැතුව තමයි යන්න වෙන්නේ...
දේශපාලනයේ අතරමංවූ කට්ටියක් එකතුකරගෙන හදපු සභාගයකි. මේවත් ටිකකලකින් අතුරුදහන් වන්නේ කිසිදු ජනතා කැමැත්තක් නැතිනිසාය.
රනිල්ගෙ ගොන් අලි ටිකයි ජෙප්පන්ගෙ වස්සෝ ටිකයි කුලප්පු වෙලා.
අන්න නියමයි මුන්ට ඇපත් නැහැ.
මහතීර් මොහොමඩ් වයි ලී ක්වාන් යු වයි එක්කන් එනවද?
මම කැට තියල කියන්නම් මේක මුන් කවදාවත් කරන්නේ නැහැ අන්තිමේදී වැල යන පැත්තට මැස්ස ගහල කාටහරි jack එක ගහනවා ගහනවාමයි එහෙම නැතුව ඔතැන ඉන්න එක දේශපාලන හිකනලෙක් හරි තනියෙන් පාර්ලිමේන්තුවට ගියොත් එදාට ලෝකේ කැරකෙන එක නවතිනවා සිකුරුයි !( දැන් ඉන්නේ ඉස්සර හිටපු කිරි ඇල්ල මන්ත්‍රී වාසුදේව නෙමි නෙව ඒ වෙනුවට ඉන්නේ දේශපාලන හම්පඩ වට්ටක්කයෙක් ඒකව කිරිඇල්ලෙන් නෙමි කොහෙන් ඉල්ලුවත් දැන් කුජීතයි )
ශෂී අක්කා ඉල්ලුවොත් නම් දෙනවා දෙනවාමයි
ඔබ සිතන්නේ ලංකාවේ සිටින ඡන්දදායකයන්ගෙන් බහුතරයක් මෝඩයෝ කියලද?
ඔව් ඔබට කට උත්තර නැතිවෙන්න තමයි හම්බවෙන්නේ...!