
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
මිලානෝ නගරය ආසන්නයේ පිහිටි ගඟක නෑමට ගිය ශ්‍රී ලාංකික විසිපස් හැවිරිදි තරුණයෙකු සැඩපහරකට හසුවී ගසාගෙන යද්දී එම තරුණයා බේරා ගැනීමට ගඟට පැන්නඔහුගේ 60 හැවිරිදි පියාද පුතු සමඟ දියේ ගිලී මිය යාමේ අනුවේදනීය පුවතක් ඉතාලියෙන් වාර්තාවේ.
මෙසේ මිය ගොස් ඇත්තේ වෙන්නප්පුව, බෝලවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි දුලාත් සහ ඔහුගේ පියාය.
ඉතාලියේ රැකියා කරන පිය පුතු දෙපළ ඔවුන්ගේ ඥාතීන් සහ මිතුරන් පිරිසක් සමග ඉකුත් සිකුරාදා මෙම ගඟේ නෑමට ගොස් ඇතැයිඉතාලියෙන් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරයි.
ගඟේ බැස නාමින් සිටි විසිපස් හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයා ගසාගෙන යනවා දුටු ඔහුගේ 60 හැවිරිදි පියා, එක්වරම සිය පුතා බේරා ගැනීමේ අරමුණෙන් ගඟට පැන්න අවස්ථාවේ ඔහු ද සැඩපහරට හසුවී ගසාගෙන ගොස් ඇතැයි ඉතාලියෙන් ලැබෙන එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
පිය පුතු දෙපළ සමග නෑමට ගිය පිරිස වහාම මේ බව හදිසි ඇමතුම් අංශයට දැනුම් දීමෙන් පසු යුද හමුදා කිමිදුම්කරුවන් කණ්ඩායමක් පැමිණපැය කිහිපයකට පසුඔවුන්ගේ සිරුරු සොයාගෙන ඇත.
මිලානෝ හි පිහිටි රෝහලක මෘත ශරීරාගාරයේ පිය පුතු දෙපළ ගේ මළ සිරුරු තැන්පත් කර ඇති අතරපශ්චාත් මරණ පරීක්ෂණ ඊයේ 9 වෙනිදා පැවැත්වීමට නියමිතව තිබිණි.
මිය ගිය තරුණයා ඉතාලියේ ක්‍රිකට් කණ්ඩායමක සාමාජිකයෙකි.
පශ්චාත් මරණ පරීක්ෂණ සහ හදිසි මරණ පරීක්ෂණ කටයුතු වලින් පසු පිය පුතු දෙපළ ගේ සිරුරු මෙරටට ගෙන ඒමට නියමිතව ඇත.
මේ සම්බන්ධයෙන් තොරතුරු සහ ඡායාරූප සපයා දුන් මිලානෝ හි පදිංචි එමිල් රොහාන් මහතාට ලංකාදීපයේ විශේෂ ස්තූතිය පුද කරමු.
2025 දෙසැම්බර් මස 18
490
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉතාලියේදී ගඟක ගිලී පියා-පුතා මරුට
යෝගා Monday, 10 July 2023 01:25 PM
රට වටේම මුහුද තියෙන, රට මැද ගංගා වැව් මෙච්චර තියෙන ලංකාවේ, අපේ අයට වතුරක ආරක්ෂාකාරීව නාගන්න, පීනන්න බැරි එක නම් හරිම කණගාටුදායක තත්වයක්...
පිටිගල මිලානෝ Monday, 10 July 2023 05:14 PM
මිලානෝහී මෙම ගඟේම මියගිය අය ගැන මම බොහෝ අවස්ථාවලදී අදහස් දැක්වූයෙමි. ඇල්කොහොල් සහ ගංගා ජලය එකතු වූ විට මරණයක් සිදුවෙතැයි මම උපකල්පනයක්ද කළෙමි. වසන්ත කාලයේදී සති අන්තවල මේ ගඟ අසබඩට බොහෝ ලාංකිකයින් යයි. සමහරු සිකුරාදා රාත්‍රියේ සිට ඉරිදා හවස වනතෙක් ගත කරයි. සියල්ලෝම පාහේ හොඳින් බී මත් වී සිංදු කියා විනෝද වෙයි. ගගේ බැස නාන අතර සමහර ඇල්කොහොල් වීරයින් ගෑණුන්ට පේන්න ගඟ මැදට ගොස් ජීවිත පවා නැති කර ගනියි. රාත්‍රිය ගතකරන සමහරක් තම පවුල් ජීවිතද අවුල් කරගනියි. පතිවත නැතිකරගත් ස්ත්‍රීන් කිසිවක් නොදන්නා සේ ඉරිදා ගෙවල් වලට යයි. නැවත නැවත් ගඟ අසබඩට එයි.
Ashley Fernando Monday, 10 July 2023 08:09 PM
මියගිය පිය පුතු දෙපල අපේ ගමට ඉතාමත් ආසන්නව සිටි අප දන්නා මහතුන් දෙදෙනෙකි. කාබී විනෝදවීම අතරතුර ගලා යන ජලාශ වල නෑම එතරම් සුදුසු නොවේ. පිය පුතු දෙදෙනාගේ අභාවය පිළිබඳව අපේ සාතීශය කණගාටුව පළකරමු.
බද්රානි Wednesday, 19 July 2023 09:41 PM
ඉතාලියේ මිලාන් නගරයේ ගල්ගුහාවක් ඇතුළේ ලැගලා ඉන්න පිංගුත්තරයා හැමදාම කාපු ඉතාලි පතේම පහරනවා නේද? චීත්ත කාරයෙක් වගෙයි පේන්නේ... ඉතාලියේ ජීවත්වෙන ලාංකිකයෝ හරිහම්බකරලා විනෝද වෙනවාට ඉරිසියාවෙන් පැලෙනවා. ඔවුන් දුක් මහන්සිවෙලා හම්බකරලා ලංකාවේ අමන පිංගුත්තරයින්ට දන් දීලා ලබන ආත්මේ දිව්‍ය ලෝකෙට යන්න පුළුවන් කියලාද මේ නොකියා කියන්නේ...?