(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
වත්මන් ආණ්ඩුව යටතේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව ඉඩම් බෙදා දීමේදී රුපියල් බිලියන පහකට වැඩි වංචාවක් කර ඇතැයි පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තුවේදී අද (6) පැවසීය.
හන්තානයේ අක්කර විසි දෙකක් පර්චස් එකක් රුපියල් 2.38 බැගින් විකුණා ඇතැයිද එම අවස්ථාවේදීම එම ඉඩම හෝම් ලෑන්ඩ් සමාගමට පර්චස් එක රුපියල් ලක්ෂ දහය බැගින් ලබාදී තිබෙන්නේ යැයිද මන්ත්‍රීවරයා කීය.
සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අමතමින් අලුත්ගමගේ මහතා මෙසේද කීය.
අපේ ආණ්ඩුව යටතේ ඉඩම් ප්‍රතිසංස්කරණ මණ්ඩලය ක්‍රියා කළ හැටි මම කියන්නම්. මෙම ඉඩම් ප්‍රතිසංස්කරණ මණ්ඩලය ඉඩම් බෙදා දීමෙිදී 2020 සිට පසුගිය කාලයේදී බිලියන පහකට වඩා විශාල වංචාවක් කර තිබෙනවා.
2020 වසරේ හන්තානයේ ඉඩම් අක්කර 22ක් ලබාදී තිබෙනවා. පර්චස් එක රුපියල් දෙකයි සත 38කට ලබා දී තිබෙනවා. එම අවස්ථාවේම ඔහු හෝම් ලෑන්ඩ් කියන සමාගමට එම ඉඩම විකුණා තිබෙනවා.ඒ පර්චස් එකක් රුපියල් ලක්ෂ දහය බැගින්.
මේ අක්කර 22න් විතරක් මිලියන 2000ක් ඉඩම් ප්‍රතිසංස්කරණ මණ්ඩලය විසින් වංචාවක් සිදුකර තිබෙනවා.
හෝම් ලෑන්ඩ් කියන සමාගමට අදාළ ඉඩම දුන්නාට ඉඩම් කොමිස් ප්‍රතිසංස්කරණ කොමිසමේ සභාපතිවරයාට එපාර්ට්මන්ට් එකක් ලබාදී තිබෙනවා.මේ සභාපතිතුමා අද ඉන්නේ එම එපාර්ට්මන්ට් එකේ. ඊට අමතරව හන්තානේ තවත් අක්කර දහයක් මේ සභාපතිවරයා විසින් 2021 වසරේ මෙලෙස ම විකල්ප ඉඩමක් ලෙස ලබාදී තිබෙනවා.මේ අක්කර දහයේ පර්චස් එකක් ලියා තිබෙන්නේ රුපියල් 78කටයි. මේ ඉඩමත් පර්චස් එක රුපියල් ලක්ෂ දහය බැගින් හෝම් ලෑන්ඩ් ආයතනයට විකුණා තිබෙනවා.
2025 දෙසැම්බර් මස 18
30
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමේ බිලියන පහක වංචාවක්
Dinesh Wednesday, 06 December 2023 07:16 PM
තොරතුරු තියෙනවනම් ඇයි නඩු දාන්න බරි. ඇනික දැන් අන්ඩුව කරන්නෙ කව්ද ඇත්තටම?
Ruwan ediriweera Thursday, 07 December 2023 10:01 AM
ගොඩක් හොඳයි එහෙම නැත්නම් කොහොමද රට හදන්නේ. කරුණාකර එන් පී පී එකට ඡන්දය දෙන්න
Rata Perata Thursday, 07 December 2023 01:05 PM
සත 5 ක් වංචා කරපු නැති එකෙක් මේ කියන්නේ