
(ප්රසංග පෙරේරා)
ශ්රී ලංකා රාජ්ය ඉංජිනේරු සංස්ථාවේ ඒකල පෙර සවි අංගන වැඩබිමෙහි සේවකයෝ පිරිසක් අද(27) දහවල් එම වැඩබිම ඉදිරිපිට විරෝධතාවයක නියැලුණහ.
විරෝධතාවය සංවිධානය කර තිබු ලංකා රාජ්ය සංස්ථා හා පොදු සේවක සංගමයේ සංවිධායක ලේකම් ඩී. එස්. ජයසිංහ මහතා පවසා සිටියේ මෙහි සේවකයන්ට නිසි දිනයන්ට වැටුප් නොගෙවීම, පාලනාධිකාරියේ සේවක පළිගැනීම්, සේවක අර්ථසාධක ගැටළු ආදී කරුණුවලට වහා විසඳුම් ලබාදීමට පාලනාධිකාරියට බල කිරීම සදහා මෙම විරෝධතාවය පවත්වන බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd