IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


ඉඟුරු ගෙන දෙන ගුණ

රට මුහුණ පා ඇති ආර්ථික අර්බුදය හමුවේ කෑම බීම මිලදී ගැනීම අද බොහෝ දෙනකුට ගැටලුවකි. එසේම අධික මිල මුදලක් ලබා දී පෝෂණීය ආහාර ලබා ගැනීමත් තවත් අර්බුදයකි. පෝෂණීය කෑම වේලක් ලබා ගැනීමට අපි මුදල් වියදම් කළ යුතුමද?

පවතින තත්ත්වය මත එබඳු මුදලක් වැය නොකොට සිරුරට පෝෂණය, ප්‍රතිශක්තිය ලැබෙන ගෙවත්තෙන්ම පහසුවෙන්ම සපයා ගත හැකි අපට අමතකව ගොස් ඇති ආහාර කොතෙක්ද?නගරබද නිවෙස්වල කුඩා ඉඩකඩක හෝ වගා කර ගත හැකි ඉඟුරු සෞඛ්‍යමය අතින් ඉහළ ප්‍රතිලාභ ගෙන දෙන්නකි.

ඉඟුරුවල අන්තර්ගත  ගුණ

අත් බෙහෙතක් වශයෙන් සෙම් ගතිය , බඩේ අමාරු වැනි සුළු අසනීප තත්ත්ව සමනය කරයි. කදිම වේදනා නාශකයකි. ඉදිමුමට මෙන්ම අයු සහ නාඩි උත්තේජනයට , ආහාර රුචිය වැඩි කරවීමටත් යොදා ගත හැකියි.

එසේම දියවැඩියාව- කොලෙස්ට්‍රෝල් - බරවා - ඉරුවාරදය -වමනය-රුධිරය කැටි ගැසීමට මෙන්ම ස්ථුලතාව අඩු කරවීමටත් යොදා ගැනේ. ප්‍රතිබැක්ටීරියාවක් වශයෙන් ක්‍රියා කරමින් දිලීර ආදී තත්ත්ව නසනු ලැබේ. කාමෝද්දීපන ක්‍රියාකාරීත්වය තහවුරු කරයි.

මෙහි නිර්වේදනීය ගුණ වශයෙන් වයසට යාම පාලනය කර තරුණ බව රැකදේ. ප්‍රතිඔක්සිකරණ ගුණ අන්තර්ගතයි. මෙවන් සෞඛ්‍ය ප්‍රතිලාභ බොහොමයක් ලබා දෙන ඉඟුරු යොදා සකසා ගත් ප්‍රණීත උණුසුම් තේ කෝප්පයකින් දවස ඇරැඹීමට හැකියි. ඉඟුරු තේ සමග මිශ්‍ර කිරීමේදී එය තමන් පිළියෙළ කරන තේ කෝප්පයට ප්‍රමාණවත් වන පරිදි විය යුතුයි. එසේම එය හොඳින් තලා සකසා ගත හැකියි.

එය ශරීරයේ අභ්‍යන්තරයට අප යොමු කරන වස විසවලට වඩා කෙතරම් ගුණදායකද යන්න ඔබටම වැටහේවි. මිල මුදල් වැය කරමින් කිසිඳු පෝෂණයක් නැති ආහාරවලින් නිරෝගීකම පැතීම පවා නිෂ්ඵල වේ. එහෙයින් සිරුර අභ්‍යන්තර විස නසන මෙවන් දෑ ගැන අප දැනුම්වත්ව හිඳීම මහඟු ප්‍රයෝජනයකි.

රසවත් තේ පානයකට මිශ්‍ර කර ගැනීම මෙන්ම සමහර වෑංජන රසවත් කිරීමෙහිලාද ඉඟුරු යොදා ගැණෙන අවස්ථා ඇත. ආහාර හිඟයක් ඇති මෙවන් කාලයකට ඔරෝත්තු දීමට හැකි වන පරිදි ප්‍රතිශක්තිය වර්ධනය කර ගැනීමෙහිලාද ඉඟුරු යොදා ගත හැකිය.

-සටහන- මාධවී ධර්මරත්න



අදහස් (0)

ඉඟුරු ගෙන දෙන ගුණ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 78 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2020 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1562 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site