
(රවීන්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)
ඉඟිනිමිටිය ජලාශ රක්ෂිතයේ මායිම් ගල් ස්ථාපිත කිරීම අද ආරම්භ කෙරිණ. වසර ගණනාවක සිට ජලාශයේ නියමිත මායිම් සළකුණු කර නොතිබූ හේතුවෙන් අනවසර වගා කරුවන්ගේ ක්‍රියාකාරකම් ඇතුළුව ගැටළු ගණනාවක් පැවති අතර නිලධාරීන් සහ ජලාශයේ ගොවි සංවිධාන නිරතුරු ජලාශය රක්ෂිතය නිරවුල් කරදෙන ලෙස බලධරීන්ගෙන් ඉල්ලීම් කර තිබිණ.
මායිම් සළකුණු කිරීමේ වැඩසටහන රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණ.
එහිදී මුල්ම මායිම් ගල අමාත්‍යවරයාගේ සුරතින් ස්ථපිත කෙරුණු අතර ජලාශ රක්ෂිතය වටා කිලෝමීටර් 40ක් පමණ දුරට මායිම් සළකුණු කිරීම ඉදිරියේදී සිදුකිරීමට නියමිතය. පැවැති උත්සව සභාවේදී රාජ්‍ය නිලධාරීන් සහ ගොවි සංවිධාන නියෝජිතයින් ඇතුළු පිරිස ඇමතූ අමාත්‍යවරයා වත්මන් දේශපාලන තත්වය සම්බන්ධයෙන්ද අදහස් දැක්වීය.
" ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ අපේ ආයතනික වශයෙත් ඇති කුණුකසළ ඉවත් කිරීමත් සිදුකෙරෙනවා. වැඩක් කරගන්න ගියාම කීයක්වත් දෙන්නෙ නැතිව මොකුත් කරගන්න බැහැ. ඒ තත්වය වෙනස් කර ගන්න ඕන. අතිකාල කරන්නෙ නැතිව අතිකාල ගෙවීම් ලබාගත් බවට ඕන තරම් තොරතුරු තියෙනවා. බොහෝ දෙනෙක් හිතාගෙන හිටියේ ක්ලීන් ශ්‍රී ලංකා කියන්නේ පරිසරයේ කුණු කසළ ඉවත් කරන එක කියලා. ඒකත් එක් කොටසක් තමා. ඒ නිසා ඒ ආයතනික වශයෙන් තියෙන කුණු කසලත් ඉවත් කරන්න ඕන ජනතාවට පොහොසත් රටක් ලස්සන ජීවිතයක් දෙන්න නම්. මේකෙ ආචාර්‍ය ධර්මික පැත්තකුත් තියෙනවා. අපි අපිමත් වැඩකිරීමේදී පිරිසිදුකම සහ නිරවුල්කම පවත්නා ගන්න අවශ්‍යයි.
2025 දෙසැම්බර් මස 04
635
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
528
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
431
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඉඟිනිමිටිය මායිම් ගල් දමයි
222222222v Saturday, 11 October 2025 05:17 PM
අපිට සාමාන්‍යයෙන් තියෙනවා වමත සහ දකුණත. මේ ඇමැතිට සුරතකුත් තියෙනවා. මුල්ගල් නොතියන වෙලාවට ඒකෙන් මොනවද?
සමන් - ඕමානය Sunday, 12 October 2025 11:31 AM
තවත් සිල්ලර වැඩක ආරම්භයට ඇමතියෙක් ගිහින්. මේවා ඒ ඒ ආයතනවල නිලධාරීන් කළයුතු රාජකාරි වැඩ. ඒවා මහත් උත්සවශ්‍රීයෙන් ආරම්භ කළ යුතු දේවල් නෙවෙයි. අර ලක්මාලි නෝනා මහත් අභිමානයෙන් බස් එකක් පාරට දැම්මා වගේ "යෝධ සංවර්ධන" වැඩක්. වැඩ බැරි ජෙප්පන්ගේ තුට්ටු දෙකේ සෝබන වැඩ.