




(චමිල් රූපසිංහ)
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහර ශ්‍රී දළදා මාලිගාව අභියසින් දකුණු දිශාභිමුඛව පිටත්වීම ඊයේ රාත්‍රියේදී ඇරඹිණි. පෙරහර දළදා වීදිය, ඩී.එස් සේනානායක වීදිය ඔස්සේ පන්සල පාරේ ඉහළට පැමිණ දේව වීදිය, කොළඹ වීදිය, යටිනුවර වීදිය, සේනානායක වීදිය ඔස්සේ ගමන් ගත් බව මහනුවර ශ්‍රී දළඳා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පැවැසීය.
ජනතා සහභාගිත්වයෙන් තොරව මෙම ඇසළ පෙරහැර මංගල්‍ය පැවැත්වීමට සිදුව ඇති මුත් පෙර පැවති පරිදිම සියලුම අංග ඇතුලත්ව පෙරහැර පැවැත්වුණු බවද ඒ මහතා සදහන් කළේය.
දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා එහිදි සදහන් කරනු ලැබුවේ සෞඛ්‍ය හේතුන් මත සෞඛ්‍ය බලධාරින්, ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීම පරිදි මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහානායක ස්වාමින් වහන්සේලාගේ අවවාද අනුශාසනා මත රටේත් ජනතාවගේත් ආරක්ෂාව සඳහා මෙම තීරණය ගැනීමට සිදුවී ඇති බවය. ඒ සම්බන්ධව කනගාටුව පළ කරනු ලබන බවත් ජනතාවට තමන්ගේ නිවසේ සිට ම රූපවාහිනි නාලිකා ඹස්සේ මෙම ඇසළ පෙරහැර දැක බලා ගැනීමේ අවස්ථාව උදාකර දි ඇති බවද දියවඩන නිළමේ තුමා සදහන් කළේය.
සතර මහ දේවාලයන්හි සුබ නැකතට කප් සිටුවීමෙන් මහනුවර ඇසැළ පෙරහර මංගල්‍යය පසුගිය 21 දා ආරම්භ විය.
දේවාල අභ්‍යන්තර පෙරහර 21 දින සිට 24 දක්වා පැවැත් විණි.කුඹල් පෙරහර දින පහක් වීදි සංචාරය කිරීමෙන් පසු 30 දින ප්‍රථම රන්දෝලි පෙරහර වීදී සංචාරය අරඹයි.
2025 දෙසැම්බර් මස 18
155
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
953
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇසළ පෙරහර මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහර