
(ටී.කේ.ජී.කපිල)
ජපාන රජය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා 728,460 ක් අද සවස ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන ආ බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ද සනාථ කළේය .
ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම යටතේ සහ ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම මත ජපාන රජය මෙම එන්නත් තොගය පරිත්‍යාග කර තිබේ .
මෙම එන්නත් තොගය, ජපානයේ නරීටා සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 455 දරන ගුවන් යානයෙන් අද (31) සවස 04.30 ට කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණ තිබුණි .
මෙම එන්නත් තොගය භාර ගැනීම සදහා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සහ යුනිසෙෆ් ආයතනයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවට ලබාදෙන එන්නත් තොගය භාර ගැනීමත් මාධ්‍ය සංදර්ශනයක්. කොවිඩ් කාර්ය සාදක බලකායේ වෛද්‍යවරු ප්‍රකාශ කලයුතු අදහස් දේශපාලකයන් ගුවන්තොටුපලේදී ප්‍රකාශ කිරීමෙන්ම පෙනී යනුයේ එන්නත් කාරණයක් කොතරම් දේශපාලනීකරණයට නතුවී ඇතිද යන ප්‍රශ්නය ජනතාවට පෙනෙන්නට තිබේ. එක රජයේ පිළිගත් නිලධාරියකු පැමිණ බාරගැනීම කලයුතු උවත් මෙවැනි බාර ගැනිමකදී මෙතරම් දේශපාලකයන් ,නිලධාරීන් ප්‍රමාණයක් ගුවන්තොටුපලට පැමිණ කරන්නවූ මාධ්‍ය සංදර්ශන සදහා වැයවන මුදල ගෙවන්නේද අපිමය. අනවශ්‍ය මුදල් නාස්තිය පිලිබදව හොදම උදාහරණයක්
ජපාන රජය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් ලංකාවට ලබාදීමේදී ජපාන රජය නියෝජනය කරමින් ජපානයේ ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියේ එක් නිලධාරියෙකි. එම එන්නත් තොගය ලංකාවට පැමිණි පසු එම එන්නත් බාරගැනීම සදහා ගුවන් තොටුපළ වෙත දේශපාලකයන් සහ නිලධරීන් කොපමණ පැමිණ සිටියේද ?
පළමු ඡායාරූපය දුටුවිට එකවිට මතක් වුනේ ජෙප්පන්ගේ ගෝලයින් වන අන්තරේ ඉන්න අන්දරේලා ටික නව මාදිලියෙන් අඳින ලද පෝස්ටර් එල්ලාගෙන මහපාරේ රස්තියාදු වෙන දසුනක්...
විදේශ ඇමති රෙදි ඇඳගෙනද මේ ඉන්නේ? මෙයාලා ජපානෙට යන්නේ නැතුව චීනෙට ගියා ජපනත් එක්ක තියෙන සියලුම සම්බන්ධකම් නවත්තලා. ගිහින් කර ගත්තු දේ ප්‍රතිඵල තමයි අද මේ සිද්ද වෙන කෝවිඩ් මරණ...
ඔය රතු සාරිය ඇඳලා ඉන්න එක්කෙනා නිසා තමයි අපි කොරෝනා වලින් බේරිලා ඉන්නේ