( රංජිත් රාජපක්ෂ)
පසුගිය දා ඇල්ල ප්‍රදේශයේදි 15 දෙනෙකුට මරු කැදවමින් තවත් විශාල පිරිසකට බරපතල ලෙස තුවාල සිදු වු බස් රථයේ වටිනාකමට වඩා බස් රථයේ මෝස්තර සදහා අයිතිකරු විසින් මුදල් වැය කර ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරික්ෂක ජාලිය බණ්ඩාර මහතා මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් (12) දින පැවසීය.
බස් රථ අනතුරේ විමර්ශණ කටයුතු සදහා තමන්ද සහභාගි වූ බවත්, එහිදි බස් රථයේ අයිතිකරු සමග සාකච්ඡා කිරිමේදි බස් රථය ලක්ෂ 55කට මිලදී ගෙන බස් රථයේ මෝස්තර සදහා රුපියල් ලක්ෂ 70ක පමණ මුදලක් වැය කළ බවත් පවසා තිබේ.
එමෙන්ම විනෝද චාරිකා සදහා යන පිරිස් වලින් මෝස්තර බස් රථවලට විශාල ඉල්ලුමක් පවතින නිසා තමන් එවැනි විශාල මුදලක් වැය කර බස් රථය විනෝද චාරිකා සදහා මෝස්තර යොදා බස් රථය අලංකාර කල බවද අයිතිකරු විසින් පැවසූ බවද ජාලිය බණ්ඩාර මහතා කියා සිටියේය.
බස් රථයේ මෝස්තර සදහා විශාල මුදලක් වැය කර තිබුණද බස් රථයේ නිසි ලෙස නඩත්තු නොකර තිබූ බවට පරික්ෂණවලදී අනාවරණය වූ බවත්, බස් රථයේ තිරිංග පද්ධතියේ පසුපස හබ් කොටසේ කාලයක් තිස්සේ ග්‍රීස් කාන්දුවක් තිබි ඇති බවට පරික්ෂණවලදී අනාවරණය වූ බව ජාලිය බණ්ඩාර මහතා කියා සිටියේය.
අධික බෑවුම් සහිත මාර්ගවල තිරිංග පද්ධතිය එක දිගට ක්‍රියාත්මක කරමින් වාහන ධාවනය කිරිමේදි වාහන වල රෝදවල ඩ්‍රම් කොටස රත් වීම නිසා තිරිංග පද්ධතිය අක්‍රීය වන බවද ජාලිය බණ්ඩාර මහතා පැවසීය.
සංචාරයක් සදහා යෑමට ප්‍රථම තමන් තෝරා ගන්නා වාහනය ආරක්ෂාව පිලිබදව විශේෂ අවධානය යොමු කර එම වාහනය නිසි ලෙස නඩත්තු කර තිබේද සහ එම වාහනයේ රියදුරාගේ පළ පුරුද්ද පිලිබදව විශේෂ අවධානය යොමු කරන ලෙසන් නුවරඑලිය දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරික්ෂකවරයා සංචාරයන් සදහා යෑමට අදහස් කරන පිරිසගෙන් ඉල්ලා සිටියේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඇල්ලේ බසයේ වටිනාකමට වැඩිය මෝස්තරයට වියදම් කරලා
ලුම්බිණි Friday, 12 September 2025 11:13 AM
අපි පොතට කලින් පිට කවරෙයි හැමදාමත් බැලුවේ .
කෞෂි Friday, 12 September 2025 11:24 AM
ලංකාවේ පල්ලි, පන්සල් ඇතුළු බොහෝ අයගේ වටිනාකම් ඔය වගේ තමයි. ඔක්කොම සෝබනේට එළියට පේන්න විතරයි. ඇතුල එකම ..... ගොඩක්.