
(ප්‍රසාද් රුක්මල්)
ඇල්ල නගරය මේ දිනවල විදේශීය සංචාරකයන්ගෙන් පිරී තිබෙන අතර ,දෙමෝදර ඓතිහාසික අහස්නවය ආරුක්කු පාලම නැරඹීමට ද විදෙස් සංචාරකයෝ පෝලිමේ පැමිණෙමින් සිටිති .
බදුල්ල සිට කොළඹ බලා අද (29) උදෑසන ධාවනය වෙමින් තිබූ පොඩිමැනිකේ දුම්රිය දෙමෝදර ඓතිහාසික අහස්නවය ආරුක්කු පාලම මතින් ගමන් කරමින් තිබියදී විදේශීය සංචාරකයෝ රැසක් ඓතිහාසික අහස්නවය ආරුක්කු පාලම අසලට පැමිණ එහි සිරිනරඹමින් ජායාරූප ගනිමින් , වීඩියෝ ගත කරමින් සතුටු වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇල්ලේ හෝ වෙනත් ප්‍රදේශවල සිරි නරඹන්න විදේශිකයෝ පෝලිමේ පැමිණියත් පිරිසිදු ජලය පානයට සහ toilet පහසුකම් නොමැති වීමත් එම toilet ඉතාම අපිරිසිදු තත්වයෙන් පසුවීමත් පිරිසිදු කිරීමට කිසිවකු ක්‍රියා නොකිරීමත් නිසාම ලංකාවේ සංචාරක කලාපවල තිබෙන්නා වූ toilet පවා ලංකාවට පැමිණෙන සංචාරකයින්ගේ මතකයේ රැඳෙන්නා වූ අපුරු දර්ශනයකි. ලොවපුරා ගොස් සංචාරක කර්මාන්තය පිළිබඳව කටයුතු කළද, ශ්‍රී ලංකාව සංචාරක කර්මාන්තය පිළිබඳව මූලික නිසි ආකාරයට පවත්වාගෙන යාම වැදගත් වේ. සංචාරකයින් පැමිණ නවතින්නාවූ හෝටල් පිළිබඳව/ සඳහා පමණක් නොව ඉන් ඔබ්බට සංචාරක කර්මානත්ය පිළිබඳව සලකා බැලීම වැදගත් වේ. සංචාරකයින් නැවත පැමිණීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීමට වර්තමාන සංචාරක ඇමැතිවරයා අපොහොසත් බව රටේ ප්‍රදේශ කිහිපයකදී අදහස් විමසීමෙන් දැනගැනීමට හැකිවිය. දෙවනුව සංචාරකයින්ගෙන් $ අයකිරීම පිළිබඳ විමසා සිටි අතර අති බහුතරයක් කියාසිටියේ අයකිරීම් නැවත සලකා බැලිය යුතු බවකි. විදේශීය සංචාරකයින් සඳහා ඔවුන් පැමිණෙන (සීගිරිය, දළදා මාලිගාව, හෝ වෙනත්) නැරඹීමට මුදල් අයකිරීම වෙනත් සාර්ථක ක්‍රමවේදයක් අනුගමනය කිරීමට හැකියාවක් ඇත.
ශ්‍රී ලංකාවේ ලස්සන තැනක්... ඒ වගේම අනතුරුදායකයි.