
(ප්‍රසාද් රුක්මල් සහ හල්දුම්මුල්ල සමන් පාලිත නානායක්කාර )
ඇල්ල කරදගොල්ල 10 කනුව මලිත්තගොල්ල ප්‍රදේශයේ සක්‍රීය වෙමින් පවතින නායයාමේ අවධානම් තත්ත්වය අවම කිරිමේ අරමුණින් එහි එකතු වෙමින් පවතින ජලය නිසි පරදි ජල සීරාවකින් බැස ගලා යාමේ විශේෂ වැඩපිළිවෙළක් අද (29) දියත් කළ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඊ.එම්.එල් උදයකුමාර මහතා පවසයි.
බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන මහතාගේ උපදෙස් මත ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරීන්ගේ යෝජනාවන් අනුව භූ විද්‍යාඥයින්ගේ තාක්ෂණික උපදෙස් මත ඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පොලිසිය, ප්‍රාදේශීය සභාව, දියතලාව යුදහමුදා නිලධාරීන්ගේ සහ ගම්වාසීන්ගේ මෙන්ම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිළධාරින්ගේ සහය මත මෙම වැඩපිළිවෙළ සිදු කළ බවද හෙතෙම කීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදෙ ජෙප්පො කට මැදගෙන ඉන්න ඇති මේක අර ජලාශය පුරවපු එකේ විපාක කියලා උඩුබුරලන්න.
අතීසාරයට අමුඩේ තද කිරීමද ප්‍රතිකාරය ?