(අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර)

ඇඹිලිපිටිය ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයට  ඇතුලු වූ කිසියම් පුද්ගලයකු අංශ කිහිපයක ඇති ලිපිගොනු ආදිය ඇද දමා අවුල් කිරිම හේතුවෙන්  කාර්යාලයේ මහජන සේවා කටයුතු අද දින සිදු නොවු බව ඇඹිලිපිටිය පොලිසිය පවසයි.

අපරාධකරු විසින් පැහැරගෙන ඇත්තේ මොනවාදැයි අද  දහවල් වන තුරු නිශ්චිත තිරණයකට නොපැමිණි බවද පොලිසිය පැවසුවේය.

ඇඹිලිපිටිය නව නගරයේ පිහිටි මහල් දෙකකින් යුතු මෙම ප්‍රාදේශීය ලේකම් කාර්යලයේ ආරක්ෂාවට පෞද්ගලික ආයතනයකින් ආරක්ෂක නිලධාරියකු යොදවා තිබියදි මෙම සිද්ධිය වි ඇති බව ද පොලිසිය කීවේය.

ප්‍රාදේශීය ලේකම්වරයාගේ කුටියට සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරයාගේ කුටියට අපරාධකරු ඇතුලුවු සලකුණු ඇති බවද පොලිසිය සදහන් කරයි.