
(විමුක්ති එස් රුද්‍රිගු)
ඇමෙරිකාවේ වොෂිංටන් ප්‍රාන්තයේ අක්කර 250,000 කට වැඩි ප්‍රමාණයක ලැව්ගිනි හටගෙන ඇති බවත් ඒ හේතුවෙන් සැළකිය යුතු පිරිසක් ආරක්ෂක ස්ථාන කරා යොමු කිරීමට බලධාරීන්ට සොදුව ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ලැව්ගිනි පිළිබඳව අදහස් දක්වමින් වොෂිංටන් ප්‍රාන්ත ඉඩම් කොමසාරිස් ඩේව් අප්දගෘව් ප්‍රකාශ කර ඇත්තේ ස්ථාන 12 කට වැඩි ප්‍රමාණයක ලැව්ගිනි හටගෙන ඇති බවත් ගිනි නිවීම සඳහා 4000 කට වැඩි ප්‍රමාණයක් යොදවා ඇති බවත් එම මාධ්‍ය වාර්තාවල සඳහන් විණි. කෙසේ නමුත් ලැව්ගිනි වලින් ජීවිත හානි හෝ තුවාල ලැබූවන් වාර්තා වී නොමැති අතර වොෂිංටන් ආණ්ඩුකාර බොබ් ෆර්ගියුසන් ඊයේ (01) ප්‍රාන්තයේ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබිණි.
එසේම ගිනිගොඩවල් ගැසීම තහනම් කිරීමටද ආණ්ඩුකාරවරයා කටයුතු කළේය. ස්පොකේන් ප්‍රදේශයේ විදුලිය බිඳ වැටීම් වාර්තා වී ඇති අතර එම ප්‍රදේශයේ අක්කර 3000 ක පමණ ලැව්ගිනි සක්‍රීයව පවතින බවත් ඉන් ගොඩනැගිලි 4000 කට පමණ ඉන් තර්ජනයක් එල්ල වී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම ප්‍රදේශයේ නිවාස 200 ක සහ අත්‍යාවශ්‍ය යටිතල පහසුකම්වල කාර්ය මණ්ඩල ආරක්ෂක ස්ථාන කරා ඉවත්කර තිබෙන බවද එම මාධ්‍ය වාර්තාවල සඳහන් විණි.
ස්පොකේන් ප්‍රදේශයේ පුද්ගලයන් 60,000 කට පමණ ලැව්ගිනි හේතුවෙන් විදුලිය විසන්ධි වී තිබෙන බවද පැවැසෙයි. ලෝකය පුරා සිදුවෙමින් තිබෙන දේශගුණික විපර්යාස පිළිබඳව අදහස් දක්වමින් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් ප්‍රකාශ කර සිටියේ දැනටමත් ගිනි ගනිමින් තිබෙන ලෝකයට එල් නිනෝ දේශගුණික සංසිද්ධිය පෙට්‍රල් දමන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd