
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග සමීපව කටයුතු කරන, ඔහුට හිතවත් රාජ්‍ය නායකයන් හමුවී සාකච්ඡා පැවැත්වීමේ අරමුණින්, ඇමෙරිකන් රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ ලතින් ඇමෙරිකා කලාපයේ රටවල සංචාරයක් ආරම්භ කළේය.
ඇමෙරිකන් රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ සිය ලතින් ඇමෙරිකා සංචාරය ආරම්භ කළේ කොලොම්බියාවෙනි. කොලොම්බියාවේ නව ජනාධිපති නව ජනාධිපති අබෙලාර්ඩෝ ද ලා එස්ප්‍රියෙල්ලා, ට්‍රම්ප් හිතවාදියෙකි.
ඉන්පසු, ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයා ඉක්වදෝරයේ ජනාධිපති ඩැනියෙල් නොබෝවා හමුවීමට නියමිත බව පැවැසෙයි. ඉක්වදෝර සංචාරය අවසන් කිරීමෙන් පසු මාර්කෝ රූබියෝ, පේරු රාජ්‍යයේ අලුතින් තේරී පත් වූ ජනාධිපතිනිය කෙයිකෝ ද හමුවනු ඇතැයි පැවැසෙයි. ඩැනියෙල් නොබෝවා සහ කෙයිකෝ ද ට්‍රම්ප් හිතවාදීන්ය.
කොලොම්බියාවට පැමිණි රූබියෝ උණුසුම් ලෙස පිළිගැනීමට කොලොම්බියා ජනාධිපති එස්ප්‍රියෙල්ලා කටයුතු කළේය.
කොලොම්බියාවේ භූමිකම්පා සහන කටයුතු සඳහා ඇමෙරිකානු සහයෝගය ලබාදීම, සමස්ත කලාපයටම තර්ජනයක් වී ඇති මත්ද්‍රව්‍ය ත්‍රස්තවාදයට එරෙහිව ඒකාබද්ධව කටයුතු කිරීම සහ රටවල් අතර වෙළඳ හා වාණිජ සබඳතා වඩාත් ශක්තිමත් කරගැනීම පිළිබඳව ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයා සහ කොලොම්බියා ජනාධිපති එස්ප්‍රියෙල්ලා අතරේ සාකච්ඡා පැවැත්විණි.
මේ වනවිට ලතින් ඇමෙරිකාවේ රටවල් රැසක දක්ෂිණාංශික බලවේග බලයට පත්වී සිටී. පසුගිය නොවැම්බර් මාසයේ ජයග්‍රහණය කළ හොන්ඩුරාස් ජනාධිපති නාස්රි අස්ෆුරා සහ පසුගිය ඔක්තෝබර් මාසයේ ජයග්‍රහණය කළ බොලීවියාවේ රොඩ්රිගෝ පාස් ද ට්‍රම්ප් හිතවාදීන් වන අතර, ට්‍රම්ප් පරිපාලනයේ සහාය ඔවුන්ට හිමිවෙයි.
2023 දී බලයට පත් ආර්ජන්ටිනාවේ හාවියර් මිලෙයි සහ 2019 සිට රට පාලනය කරන එල් සැල්වදෝරයේ නයිබ් ද ට්‍රම්ප් සමඟ සමීප සබඳතා පවත්වන නායකයන් දෙදෙනෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd