IMG-LOGO

ඇමැතිගේ ලේකම්ට රඟපා පොලිසියට ඇමතුම් දුන් ව්‍යාපාරිකයා අත්අඩංගුවට

(ගයාන් සූරිය ආරච්චි)

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජයපාල මහතාගේ පෞද්ගලික ලේකම් බව පවසා මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගත් පුද්ගලයකු නිදහස් කර ගැනීමට මහරගම පොලිසියේ ස්ථානාධිපතිවරයාට දුරකථන ඇමතුම් දුන් බව කියන ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මාදිවෙල ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙකි. 

මහරගම පොලිසිය අත්අඩංගුවට ගෙන තිබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සැකකරුගේ මස්සිනා බව පොලිසිය කියයි.

මෙම සැකකරු මීට වසර පහකට පමණ පෙර අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ  පෞද්ගලික  ලේකම් ලෙස පෙනී සිටිමින් පොලිසියට දුරකථන ඇමතුම් ලබාදීම  හේතුවෙන් අත්අඩංගුවට පත් වී තිබූ බවත් සැකකරු විසින් අලුත්ගම පොලිසියේ ස්ථානාධිපතිවරයාට ද දුරකථනයෙන්  බලපෑම් කර තිබූ බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

හෙරොයින් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන්  සැකකරුගේ මස්සිනා ඉකුත් (6) වැනිදා මහරගම පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

ඒ අනුව එම දුරකථන ඇමතුම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පොලිසිය ආරම්භ කර තිබූ අතර ඒ අනුව එම සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.

පොලිසිය සිදුකළ විමර්ශනවලදී සැකකරු භාවිතා කළ දුරකථන අංකය ගාල්ල ප්‍රදේශයේ පදිංචි 80 පුද්ගලයකුට අයත් දුරකථන අංකයක් බවට තොරතුරු අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

නුගේගොඩ කොට්ඨාශ බාර ජ්‍යෙෂ්ඨ  පොලිස් අධිකාරී මංගල දෙහිදෙනිය මහතාගේ උපදෙස් පරිදි මහරගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක හර්ෂ සිල්වා, ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද කුලසිංහ සහ උප පොලිස් පරීක්ෂක එදිරිසිංහ යන මහත්වරු වැඩිදුර විමර්ශන සිදුකරති.



අදහස් (0)

ඇමැතිගේ ලේකම්ට රඟපා පොලිසියට ඇමතුම් දුන් ව්‍යාපාරිකයා අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 495 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 319 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 488 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site