(නිමල කොඩිතුවක්කු)
ඇමරිකාව විසින් මෙරට භාණ්ඩ සඳහා අයකරන තීරු බදු අනුපාතය 20% ක් දක්වා අඩුකිරීම රට ලැබූ ජයග්‍රහණයක් බවත් ඒ පිළිබඳ සතුටට පත්වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.
මෙම බදු සංශෝධනය තුළින් ශ්‍රී ලංකාවේ අපනයනවල කලාපීය තරගකාරීත්වය තවදුරටත් පවත්වාගෙන යෑමට හැකිවනු ඇති බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ඇමරිකාව විසින් මෙරට භාණ්ඩ සඳහා අයකරන තීරු බදු අනුපාතය 20% ක් දක්වා අඩුකිරීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව පැවසීය.
මෙවැනි තත්ත්වයන් තේරුම් ගනිමින් ශ්‍රී ලංකාවේ තිබෙන වෙළෙඳ සීමා මායිම් ලිහිල් කරමින් ලංකාව ලෝකය සමග එකතු කිරීමට කටයුතු කිරීම තුළින් තවත් ජයග්‍රහණ රැසක් අත්පත් කරගැනීමට හැකිවනු ඇතැයි ද හර්ෂ ද සිල්වා මහතා කීවේය.
ශ්‍රී ලංකාවට ලැබුන බදු සහනය සම්බන්ධයෙන් හදවතින්ම සතුටුවන බවත් මේ වෙනුවෙන් තිරය ඉදිරිපස හා පිටුපස කැපවී කටයුතු කළ සියල්ලන්ට ස්තූතිවන්ත වන බවද ඔහු සඳහන් කළේය.
කුඩා රටක් ලෙස ශ්‍රී ලංකාව හමුවේ ඇති අභියෝග තේරුම් ගනිමින් එම සහනය ලබාදුන් ඇමරිකාවටත් ස්තූතිවන්ත වන්ත වන බවද මන්ත්‍රීවරයා තවදුරටත් පැවසීය.
2025 නොවැම්බර් මස 04
264
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2107
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1609
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇමරිකාව මෙරට තීරු බදු අඩුකිරීම රට ලැබූ ජයග්‍රහණයක්
අරවින්ද මොණරවිල Friday, 01 August 2025 06:04 PM
ඔයාගේ වර්ථමාන නායකයායි, අතීත නායකයායි නම් බොහෝම දුක් වෙනවා ඇති, අනුර ට්‍රම්ප්ට කෝල් එකක් නොදී හා ණය ගෙවන්නේ නැහැ කියලා තර්ජනය නොකර බදු කර ගත්ත නිසා...
ශ්‍යාමා නානායක්කාර Friday, 01 August 2025 09:04 PM
අර පාස්කු සම්බන්ධ affidavit එක ignore කරාට ට්‍රම්ප් තරහා වෙයි කියලා කීවත් මතකයි.
යෝගා Friday, 01 August 2025 07:24 PM
ඔයා හොඳින්ම දන්න ඇමෙරිකාව, ඔවුන්ට වාසියක් නැතුව, නිකම්ම අනුකම්පාවට බද්ද 30% ඉඳන් 20%ට අඩුකරන්නේ නෑනෙ හර්ෂ. මේ මෝඩරැල රටට අහිතකර පොරොන්දු කීයක් ඇමෙරිකාවට දීලාද කියලා හොයලා බලන්න...
කපුරුහාමි Saturday, 02 August 2025 05:23 PM
හොර පෙරකදෝරුවා නම් කියන්නේ ඇමරිකාවේ ජනාධිපතිතුමාට ලන්කාවේ ජනතාව ගැන දුක හිතිලා බදු අඩු කෙරුවාලු. ජනතාවගේ රීරී මාන්ස හූරාගෙන කාලා, ඇමරිකාවේ සුවසේ සැපසේ ජීවත්වෙන, මොළහතාගේ කෙරුවවාල් ගැන හොඳාකාරවම දන්නා නිසා ඒ වගේ තීරණයක් ගත්තා වෙන්ඩත් බැරි නැහැ.
de silva Saturday, 02 August 2025 10:28 AM
කරුණාකර දැන් අපේ රටට ආනයනය කරන බදු වලට ගහන තීරු බද්දත් 20-30% ප්‍රමාණයට අඩු කරන්න.. මෙහෙ ගහන තීරු බද්ද උහුලන්න බැහැ.