(විමුක්ති එස් රුද්‍රිගු)
ඇමෙරිකා එක්සත් ජනපදයේ මිනේචොග් උසස් පාසලේ මාස 18 ක කාලයක සිට පැය 24 පුරා දැල්වුණු විදුලි බල්බ 7000 ලබන මාසයේ නිවා දැමීමට හැකියාව ලැබෙනු ඇතැයි එම පාසලේ බලධාරීන් ප්‍රකාශ කර තිබේ.
මිනේචොග් උසස් පාසලේ මාස 18 ක කාලයක සිට විදුලි බල්බ 7000ක් පැය24 පුරා දැල්වෙන බවත් එසේ සිදුවන්නේ ප්‍රධාන පරිගණක පද්ධතියේ දෝෂයක් නිසාවෙන් බැවින් එම විදුලි බල්බ 7000 මේ දක්වා නිවා දැමීමට කිසිවකුටත් හැකියාවක් නොමැති බවත් පාසල් බලධාරීන් පවසා ඇත.
මේ හේතුවෙන් බදු ගෙවන්නන්ට විශාල පිරිවැයක් දැරීමට සිදුව ඇති බව තමන් දන්නා බවත් ගැටලුව විසඳීම සඳහා ගත හැකි සියලුම ක්‍රියාමාර්ග ගත බවත් එම පාසලේ මූල්‍ය නිලධාරී ඇරොන් ඕස්බෝර්න් පවසා ඇත.
ප්‍රධාන පරිගණක පද්ධතිය සවිකර සමාගමේ හිමිකාරීත්වය කිහිපවතාවක්ම වෙනස් වීම හේතුවෙන් සහ අමතර කොටස් නොමැති වීම හේතුවෙන් පරිගණක පද්ධතිය යථා තත්ත්වයට පත්කර ගැනීමට නොහැකි වූ බව පාසල් බලධාරීන් පෙන්වා දී තිබේ.
ඇතැම් ගුරුවරුන් පාසල අවසානයේ විදුලි බල්බ ගලවා තබා විදුලි බිල ඉතුරු කර ගැනීමට උත්සාහ දැරූ බවද පාසල් බලධාරීන් ප්‍රකාශ කර ඇත.
අවසානයේදී පරිගණක පද්ධතිය අලුත්වැඩියා කිරීම සඳහා අවශ්‍ය අමතර කොටස් ලැබී ඇති බවත් ලබන මාසයේ පරිගණක පද්ධතිය අලුත්වැඩියා කිරීම සඳහා දින යොදාගෙන ඇති බවත් පාසල් බලධාරීන් පෙන්වා දී තිබේ.
2025 දෙසැම්බර් මස 18
264
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
183
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
990
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇමෙරිකාවේ පාසලක බල්බ 7000ක් නිවන්න බෑ
ravin Wednesday, 25 January 2023 12:22 PM
අපේ නම් ඔකෙ අනික්පැත්ත. කියන විදියට පැය 12-15 දක්වා විදුලිය විසන්දි වීම වැඩි ඈතක නොවෙ. සියලු මාෆියා කාරින්ට අබ සරනයි.
පිටිගල මිලානෝ Wednesday, 25 January 2023 01:56 PM
ඇමරිකාවේ ලොකු ආර්ථිකයක් තිබුණාට නිව්යෝර්ක් පෙන් ස්ටේෂන් එකේ ඉඳලා බොල්ටිමෝර් පැත්තට යනකොට පෙනෙන්නේම ජරාවාස වුණු දුප්පත් ගෙවල් සහ අටවා ගත්තු වාසස්ථාන...
Man Thursday, 26 January 2023 07:52 AM
ඇමරිකාවේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ!