
(යොහාන් භාසුර)
ඇමෙරිකාව ශ්‍රී ලංකාවට සියයට 44 ක නව අපනයන බද්දක් පැනවීමෙන් මෙරට ඇඟලුම් කර්මාන්තයට බරපතල අවාසියක් වන බවත් ආණ්ඩුව ඒ සඳහා කමිටුවක් පත් කිරීම පමණක් කර ඇති බවත් පොදුජන එක්සත් පෙරමුනේ නායක හිටපු අමාත්‍යවරයෙක් වන අනුර ප්‍රියදර්ශන යාපා මහතා අද (3) පැවසීය.
මරදානේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (3) පැවැති මාධ්‍ය හමුවේදී අනුර ප්‍රියදර්ශන යාපා මහතා එසේ පැවසීය.
මෙම බද්දත් සමඟ මෙරට සමස්ත අපනයන ක්ෂේත්‍රය විශාල අර්බුදයකට පත්වන බවත් ආණ්ඩුව කළ යුත්තේ කමිටුවක් කිරීම නොව හිටපු නායකයන් සමඟ එකතුව පොදුවැඩ පිළිවෙලක් ලෙස බද්ද පිළිබඳව සළකා බලන ලෙස ඇමෙරිකාවෙනු ඉල්ලීමක් කිරීම බවත් සදඟන් කළේය.
ඇමෙරිකානු ජනාධිපතිවරයා එම බදු පිළිබඳව මැතිවරණයට පෙරත් පසුවත් ප්‍රකාශ කළ බවත් ආණ්ඩුව බද්ද ගැන දැනුවත් වුවද වගක් නොමැතිව සිටි බවත් ඔහු පැවසීය.
මෙරට අපනයන කොටසක් සැළකිය යුතු ප්‍රමාණයක් ඇමෙරිකාවට යවන බව කී ඒ මහතා එම කොටස හරහා විශාල වෙළඳ වාසියක් ශ්‍රී ලංකාවට ලැබෙන බවත් ඔහු සඳහන් කළේය.
ආණ්ඩුව මෙවැනි ගැටලුවලදී වගකිවයුතු ස්ථාවරයක් ගතයුතු බව කී ඒ මහතා ඉන්දියානු අගමැතිවරයා මේ අවස්ථාවේ රටට පැමිණීම වැඳගත් බවත් ඉන් ප්‍රයෝජන ගෙන ශ්‍රී ලංකාවට වාසි සළසන ලෙස බලකළ හැකි බව ද සඳහන් කළේය.
ශ්‍රී ලංකාව ප්‍රධාන වශයෙන් කෘෂිකර්ම යන්ත්‍ර උපකරණ ඉන්දියාවෙන් ආනයන කරන බවත් ඉන්දියාවට නව ආයෝජනවලට ඉඩදීමට මෙය හොඳ අවස්ථාවක් බවත් ඔහු කීය.
ඉන්දියාව සහ ශ්‍රී ලංකා අතර වෙළඳ ගිවිසුම් පිළිඳව ආණ්ඩුව මීට වඩා අවදානය යොමුකළ යුතු බව කී අනුර ප්‍රියදර්ශන යාපා මහතා ඇමරිකාව ශ්‍රී ලංකාවේ භාණ්ඩ සම්බන්ධයෙන් පනවා ඇති බද්ද පිළිබඳව දැඩි අවදානය යොමුකළ යුතු බවද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යකඩෝ, රටේ ජනතාව තක්කඩි හොරුන්ව ගෙදරටම ගාල් කරලා, 2/3 කටත් වැඩි බලයක් දීල මේ රජය පත්කරගත්තේ, ගෙදර යවපු එවුන් එක්ක සාකච්චා කරන්නවත්, උන්ගෙන් උපදෙස් ගන්නවත් නෙමෙයි. මුන් ඔක්කොම බලයේ ඉන්න කලේ කලේ, පවුල් පිටිං රංචු ගැහිලා මේ ලංකාව සමූහ දුෂණය කරපු එක විතරමයි.
නෝනයි මහත්තයයි තෙල් සංස්ථාවේ සල්ලි අරන් ගං වතුර බෙදුවා වගේ වැඩ පිළිවෙලක් හදන එක ගැන වෙන්නැති කියන්නේ..
ආණ්ඩුවේ කාර්යක්ෂමකම නොසැලකිල්ල නිසයි මෙහෙම වුනේ, ආණ්ඩුව කරන ලොක්කන්ට වර්තමාන ලෝකයේ ප්‍රධාන රටවල ප්‍රතිපත්ති ගැන කිසිම අදහසක් නැහැ.
දැන් ඉතින් ගංවතුර ආධාරයක් ව ත් දෙන්න බැරි නිසා දුකෙන් ඇත්තේ මං හිතන්නේ
ඇමෙරිකාව මේ බද්ද පනවා ඇත්තේ ඇමෙරිකානු ආනයන සඳහා ලංකාවෙන් පනවා ඇති 88% ක බද්දට හිලව් වීමක් වශයෙනුයි. ඇමෙරිකාව මෙලෙස අනිකුත් රටවල් වලට ආනයන බදු පැනවීමෙන් අවසානයේ ඒ පිරිවැය එරට පාරිභෝගිකයින්ට දරන්ට වීම නිසා, බොහෝ විට ලංකාවේ නිමි ඇදුම් වලට ඇති ඉල්ලුම අඩු විය හැක. එබැවින් මේ පිළිබඳව ඇමෙරිකානු නියෝජිතයින් සමග ඉක්මනින්ම සාකච්චා කිරීම නුවනට හුරු දෙයක්.
නමුත් මේ මොහොතේ ඔබ සහ ඔබේ බිරිඳ දූෂණ චෝදනාවකට උසාවියේ නඩුවකට මුහුණ දී සිටිනවා. ඒක මීට වඩා නරකම දෙයක්.
ඕක ඇත්තටම බද්දක් නෙමේ. අපි ඩොලර් මිලියන 3000ක බඩු යවන්නේ ඇමරිකාවට. ඇමරිකාවෙන් අපි ගන්නේ ඩොලර් මිලියන 286 වගේ පොඩි කොටසක්. ඇමරිකාව කියන්නේ අපි තව 44% ඒගොල්ලන්ගෙන් ගන්න ඕනෙ කියලා. මෙයා මේක පෝලිටික්ස් කරලා.
ඉඩක් තිබෙන හැම තැනකම එළවලු, පලතුරු, කොස් දෙල් වැනි දේ වවන්න ඕනෑම කෙනෙකුට ඉඩ දෙන්න අස්වැන්නට පමණක් අයිතිය ලැබෙන විදියට. විදේශ වෙළඳපොල සොයන්න. සාමාන්‍ය රක්ෂිත වුවත් ප්‍රවේසම් සහගතව භාවිතා කරන්න. කර්මාන්තවල අනාගතය සිමා සහිතයි. ඒවා කරන කොට පිටරටවලට යටත් වීමට සිදු වෙනවා.
මේ වගේ ප්‍රශ්න දනිස්සෙන් උඩට ගන්නෙ නැති අයට මේකෙ බරපතලකම නොතේරෙන්න පුළුවන්. හැබැයි ලංකාවේ අපනයන වලින් 25% ක්ම යන්නෙ ඇමරිකාවට. මේකෙන් වැඩි පංගුවක් ඇඟලුම්. අපනයන ඇඟලුම් කර්මාන්තයේ සේවය කරන ඍජු සහ වක්‍ර රැකියා ගණන ලක්ෂ දෙකක් විතර වෙනවා. මේ අයගෙ රැකියා අනතුරට ලක්වෙන්න තියෙන අවදානම ඉහළයි. අපනයන ආදායමට වෙන බලපෑම වගේම විරැකියාව ඉහළට යන මේ තත්වයට මුහුන දෙන්න මාලිමා ආණ්ඩුවට තියෙන උපායමාර්ගික වැඩපිළිවෙල මොකක්ද? මෙතෙක් රට මුහුණ නොදුන් අලුත් ප්‍රශ්නයක් මේක. පැවති ප්‍රශ්නවලටවත් උපායමාර්ගික වැඩපිළිවෙළක් මාලිමාවට නෑ කියලා දැන් හැමතැනම කතාවෙනවා. මාලිමාව බලයට ගේන්න වැඩකරපු ආචාර්ය නිර්මාල් රන්ජිත් වගේ අය මාස හය යන කොට ඒක දැනගෙන පව් හෝදගන්න පටන් අරං.
ට්‍රම්ප් ඊයේ මේ තීරුබදු ප්‍රකාශයට පත් කළා. NPP රජය ඔවුන්ගේ රාජකාරිය කරන්නේ කෙසේදැයි දන්නවා. ඔබ මහජන මුදල් කොල්ලකෑමේ විශේෂඥයෙක්. අපි ඒක දන්නවා. ඔබට උසාවියේ නඩුවක් තියෙනවා.
ඇයි මොකට ද හිටපු (රට කාපු) නායකයන් මේකට කතා කරගන්න ඕනි
මෝඩයෙක් වගේ කියවන්න එපා අනුරයාපා. ඉස්සර වෙලාම කරන්න ඕන මේකෙන් වෙන් ඉම්පැක්ට් එක කොච්චරක්ද කියලා හරියටම ගණනය කරන එක. ඒකට කමිටුවක් පත් කලා කියන එක ගැටළුවක් නෙමෙයි. කමිටුවේ කාර්ය භාරය ඒක හොයලා අදාල පාර්ශව දැනුවත් කරන එක. ඊට පස්සේ තමයි මේකට පිලියම් හොයන්න ඕන. පියවරෙන් පියවර යනවා මිසක් අන්තිම තැනින් පටන් අරගෙන වැඩක් කරන්න බෑනේ. ඕගොල්ලෝ කරපු විදියට හැමෝම කරන්න ඕන නෑනේ, අනික ඕගොල්ලෝ කරපු දේවල් හරි කියලා කියා ගන්නෙත් ඕගොල්ලොම විතරයිනේ. හරියට කලා නම් රට අද වන විට මේ වගේ තත්වයක තියෙන්නෙත් නෑනේ. ඒ නිසා කරන කෙනෙකුට කරන්න දීලා පැත්තකට වෙලා ඉන්න එක වඩා හොඳයි. හිටපු නායකයින්ගෙන් මොනවට උපදෙස් ගන්නද?
අප්පච්චියේ මෙන්න දුරදිල බලල වැඩ කරපු මිනිස්සු, රට බංකලොත් වෙනකං කෙකරගගා ඉඳල දැන් දන්නව ට්‍රම්ප් එනනත් ඉස්සර ගහන බදු ප්‍රතිශත, කාටද මේ කියන්නෙ රටේ මිනිස්සු දන්නව ඔහෙල ගැන, මේ බද්ද අපේ රටට විතරක් ගහපු වගේ මෙයා මෙතන කියන්නෙ. ලෝකෙම මේ ගැන අවධානය යොමුඋනේ මේ බද්ද නිවේදනය කලාම, රජය ඒ ගැන කටයුතු කරාවි, අපේ රට පත්ව ඇති තතවය මත සහනයක් ලැබෙයි. හැබැයි රටට හෙන ඉල්ල මෙයාලගෙ උපදෙස් බොරු අනුකම්පා අදාළ නැත.
මෙම තත්වය මලිමා ආන්ඩුව නිසා ආ ප්‍රශ්නයක් කියල කියනව නම් මහ අපරාදයක්.එහි වගකීම පසුගිය ආන්ඩු බාර ගත යුතුවෙ. කිසියම් රටක ආනයන අපනයන වෙලෙදාමෙ වාසිය එම රටට හිතකර ලෙස හසුරුවා ගන්න නිදහසක් තියනව..අපිට තියෙන්නෙ එයට විසදුමක් ලෙස අපේ විදේශ වෙලද ප්‍රතිපත්තිය එයට ඔරොත්තු දෙන ලෙස සකසා එයට පිලිතුරු සෙවීම වේ
බද්ද කියල අපි එලවපු අය ඕනෙ නෑ.
මේක ගැන වැරදි ප්‍රචාර දිලා ජනතාව නොමඟ යවන්න එපා... ලෝකේ සෑම රටකටම මේ වැඩිවිම වුණා. ලෝක බැංකුව එක්කලා බදු ගිවිසුම් ගැහැව්වේ රනිල්. අපි ඇමෙරිකාවෙන් ගෙන්වන භාණ්ඩ වලට බද්ද අඩු කළොත් ඇමෙරිකාවත් බදු අඩු කරනවා.
හිටපු නායකයෝ කියන්නේ හොරුත් එක්කද? ට්‍රම්ප් පමණක් නෙමෙයි ඡන්ද, මෙක්සිකෝ චයිනා යුරෝපා රටවල් සැමටත් මේ ටැක්සි එක දාලා පවතින රජයේ වැරැද්දක් නෙමෙයි
ප්‍රියදර්ශන, කළ යුතුය ඇත්තේ ආර්ථික සහ මෙයට සම්බන්ධ විශේෂඥයන්ගෙන් උපදෙස් ලබා ගැනීම. පරණ නායකයන්ගේ (හොරුන්ගෙන්) අදහස් ගත්තොත් sorry.com!
ට්‍රම්ප් එක්ක සාකච්චා කර කියල වැඩක් වෙන්නේ නැහැ , කැනඩාවටයි මෙක්සිකෝව ටයි විතරයි එහෙම ඇහුම්කන්දිලා සහනයක් දීල තියෙන්නේ ,අනිත් රටවල් කල ඉල්ලීම් සත පහකට ගණන් අරන් නැහැ
මම දැක්කා මූණු පොතෙත් වැලපෙනවා අපි කිව්වා අපි කිව්වා, ඒත් ඒක ගැන සාකච්චා කළේ නෑ කිය කියා. සමහර රටවල් සාකච්චා කළා. එහෙම කරල ටැරිෆ් අඩු කරගත්ත එක රටක් කියපල්ලා. නිකම් බයිල ගහන්න එපා. හොදම දේ ටැරිෆ් ගැන මනා අධ්‍යයනයක් කර ඉන් පසුව ඇමරිකානු නියොජිතයන් හමු වීම. දැනුයි එයට කාලය.
ඔය බණ කියනවා නතර කර, ඇයි යාපයියයි තවත් පරණ පැරදුණු තව ඇමැති හොරු ටිකක් එකතුවෙලා නිවාඩුවකට වොෂින්ටන් ඩිසි ඇවිත් නරකද මිස්ට ට්‍රම්ප්ව හමුවෙලා 44% අඩු කරන්න බලන්නෙකා! හොරකම් කරපු සල්ලි ඇති නේද තවත් ට්‍රිප්ස් වලට. ආ
100% කරන්න ඕනෑ මාලිමාවේ උන් ඇමෙරිකාවේ පස්සෙන් ගියාට... වෙල්ඩන් ට්‍රම්ප්