IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


ඇමෙරිකානු තානාපති කාර්යාලය අසල විරෝධතා කළ පෙරටුගාමි පිරිසක් අත්අඩංගුවට

(ඉන්දිකා  රාමනායක)

අධිකරණ නියෝග නොතකා කොල්ලුපිටිය ඇමරිකානු තානපති කාර්යලය ඉදිරිපිට විරෝධතාවක නිරත වු පෙරටුගාමි සමාජවාදි පක්ෂයේ පිරිසක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සිද්ධිය මුල් කරගෙන කොල්ලුපිටිය මංසන්ධියේ  උණුසුම්  තත්ත්වයක් ඇති වී ඇත.

ඇමරිකානු ජාතික ජෝර්ජ් ෆොලොයඩ්ගේ ඝාතනයට එ⁣රෙහිව  ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට මෙම විරෝධතාවක  පැවැත්වීමට නියමිතව තිබිණි.

මෙම විරෝධතාවට එරෙහිව පොලිසිය ඊයේ කොටුව ම⁣හේසත්‍රාත් අධිකරණයෙන් තහනම් නියෝගයක්ද ලබාගෙන තිබුණි.



අදහස් (13)

ඇමෙරිකානු තානාපති කාර්යාලය අසල විරෝධතා කළ පෙරටුගාමි පිරිසක් අත්අඩංගුවට

Mahesh uk Tuesday, 09 June 2020 08:40 AM

මොකක් හරි අල්ලගෙන නටන්න තමයි හදන්නේ.. තමන්ගේ රට හදන්නේ කොහොමද කියලා නෙවෙයි බලන්නේ...

:       249       224

සෑම් Tuesday, 09 June 2020 12:12 PM

රට හදන්න තමයි ඒ ගොල්ලො ඒ වැඩේ කළේ... ඇමෙරිකාවෙයි ලෝකේ රටවල් බොහෝ ගණනකයි මිලියන් ගණන් මිනිස්සු සති දෙකක් තිස්සේ පෙළපාලි ගියේ කෘෘර පොලිස් මර්ධනයට විරුද්ධව... ඇමරිකාවේ රිපබ්ලිකන් ප්‍රාන්තයක්වත් පෙළපාලිවලට විරුද්ධව මෙහෙම උසාවි නියෝග ගත්තේ නැහැ. අපේ ටින් ටින් විරුවා ට්‍රම්ප්ට වඩා ඇමරිකන්... අද කොල්ලුපිටියේ පොලිස් පහරදීම බලනකොට ළඟදීම දවසක අපිටත් කියන්න වෙයි 'we can 't breath " කියලා.

:       0       34

de silva Tuesday, 09 June 2020 08:41 AM

අපේ ලොකු සර්ගේ මව්රටට විරුද්ධව මෙහෙ උද්ඝෝෂණ කරන්න.. ඕස්ට්‍රේලියානු පුරවැසියකු වන කුමාර් ගුණරත්නම් ප්‍රමුක කුරුටු ගාමී පක්ෂයට දැන් ඉඩ දෙන්නේ නැහැ. යහපාලන කාලේ කළ නැටුම් දැන් බැහැ. වැරදිලාවත් මේ ජෝර්ජ් කියන මනුස්සයා දැනට අවුරුද්දකට විතර ඉස්සෙල්ලා මැරුවා නම් එදාට මුළු කොළඹම පාරවල් බ්ලොක් ...

:       25       184

Wca Tuesday, 09 June 2020 09:02 AM

නොවිය යුත්තක්.ඇමරිකාවෙත් නැති නීති මෙහෙ තියෙන්නේ

:       209       238

sugath Tuesday, 09 June 2020 09:26 AM

අනිත් අය හදන්න ඉස්සෙල්ල තමන් හැදිලා හිටියොත් හොඳයි කියලා වැටහෙන්නේම නැති කට්ටියක් තමා මේ.

:       1       72

රවින් Tuesday, 09 June 2020 09:33 AM

අරෙහේ එක්කෙනෙක් බලාගෙන උන්නා තැඹිලි ලේමන්පාෆ් කන්න. කොහෙද ........... . ඒකත් කැවා.

:       1       111

Aris Tuesday, 09 June 2020 09:37 AM

බොහොම හොදයි පොලිසිය මෙහෙම තමයි කරන්න ඕන. මහජන ආරක්ෂක පනතේ පෙළපාලි විසුරුවීමට අදාල වගන්තිය අනුව ගත්තනම් වඩා හොදයි. කළු ජාතිකයෙක් ජනපති තනතුර හෙබවූ ඇමෙරිකාවේ වර්ගවාදයට එරෙහි අපි උද්ඝෝසන කිරීම පලක් නැත.

:       51       25

Kuma Tuesday, 09 June 2020 09:38 AM

තොණ්ඩමන්ගෙ මරණය අරන් රට පුරා යද්දී අධිකරණයට තහනම් නියෝග තිබුණේ නැද්ද?

:       28       96

rana Tuesday, 09 June 2020 09:46 AM

මෙහි පොලිසියේ කෙනෙක් බෙල්ල පාගා සිටීම ඕනම රටක හමුදා පාලනය යටතේ සිදුවනු විය හැකියි.

:       38       84

nimal Tuesday, 09 June 2020 10:32 AM

අමෙරිකාවේ නැති නීති මෙහෙ.......................... ඒ කියන්නේ අපි නීති හදන්න ඕන අමෙරිකාවට වඩා අඩුවෙන් ද? වහල්ලු........

:       0       53

Siva Tuesday, 09 June 2020 11:02 AM

රටක පුරවැසියන් එහි නීතිය අනුව කටයුතු කිරීම විය යුතුමය. ඒ ගැන කිසිම ගැටළුවක් මෙහි වෙසෙන බහුතරයක් ශ්‍රී ලාංකිකයන්ට නැත. එහෙත් රටේ නීතිය විවිධ පාර්ශවයන් හට එක් එක් ආකාරයෙන් ක්‍රියාත්මක වීම නම් ගැටළු සහගතය. විශේෂයෙන්ම මේ අවස්ථාවේ රටේ ක්‍රියාත්මක නිරෝධායන නීති රෙගුලාසින් දේශපාලන බලාධිකාරයට උවමනා ආකාරයට කඩකරමින් කටයුතු කිරීම පිළිකුල් සහගතය. බලයේ පවතින රජයට පක්ෂ අයට නීතිය ක්‍රියාත්මක නොවීමත් අනෙක් අයට ඒ නීතිය ක්‍රියාත්මක වීමත් තුලින් පක්ෂග්‍රාහීව කටයුතු කිරීම කැපී පෙනෙයි.

:       0       0

වංශෙකබල් Tuesday, 09 June 2020 11:04 AM

අපරාදෙ අප්පා.. මට බැරි වුණානේ ගිහින් තැඹිලි බීලා, ලෙමන් පෆ් කාලා ඕක ඉස්සරහ නිදියලා එන්න...

:       12       33

Prabha Tuesday, 09 June 2020 11:36 AM

අහිංසක දෙමව්පියන්ගෙන් කකා බිබී ලෝකය හදන්න යන විප්ලව කාරයින්..

:       20       2

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31687 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14154 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11123 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 196 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1123 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 310 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site