
නොවැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණයට අදාල මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලදී ඒ.අයි. තාක්ෂණය භාවිතයට ගැනෙන බැවින්, ජනතාව නොමඟ යැවීමක් සිදුවෙන බව ඇමෙරිකන් එෆ්.බී.අයි. කාර්යාංශය අනතුරු අඟවයි.
ඇමෙරිකන් ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ ඩිමොක්‍රටික් පාක්ෂික වත්මන් ජනාධිපති ජෝ බයිඩන් සහ රිපබ්ලිකන් පාක්ෂික හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතරේය.
ඒ.අයි. තාක්ෂණය භාවිතයට ගනිමින් බයිඩන්ගේත් ට්‍රම්ප්ගේත් ඇතැම් ප්‍රකාශ විකෘති කර ජනතාව අතරට ගොස් ඇති බවත්, ඒ.අයි. තාක්ෂණය මගින් බයිඩන්ගේත් ට්‍රම්ප්ගේත් කට හඬ යොදා ගනිමින් එක් එක් ආකාරයේ ප්‍රකාශ සමාජ මාධ්‍යවලට එක් කර ඇති බවත් එෆ්.බී.අයි. පරීක්ෂකයෝ වැඩි දුරටත් පෙන්වා දෙති.
(බීබීසී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕනෑම දෙයක් කරනකොට අතුරු ඵල ඇතිවෙනවා. ඕක හොඳම උදාහරණයක්...!