IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ඇමෙරිකන් කතානායක ධුරයෙන් නෙරපයි

ඇමෙරිකන් කොංග්‍රසයේ (පාර්ලිමේන්තුවේ) නියෝජ්‍ය මන්ත්‍රී මණ්ඩල කතානායක රිපබ්ලිකන් පාක්ෂික කෙවින් මැකාතිට සිය ධුරය අහිමි විය. ඒ, නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සෙසු රිපබ්ලිකන් සාමාජිකයන්, මැකාති කතා නායක ධුරයෙන් ඉවත් කිරීමට ඉදිරිපත් කළ යෝජනාවෙන් මැකාති පරාජය වූ බැවිනි.

නියෝජ්‍ය මන්ත්‍රී මණ්ඩලයේ බහුතරය ඇත්තේ ප්‍රතිවාදී රිපබ්ලිකන්වරුන් සතුවය. සෙනට් මණ්ඩලයේ බහුතරය ඇත්තේ ජනාධිපති ජෝ බයිඩන්ගේ ඩිමොක්‍රටික්වරුන් සතුවය.

කතානායක ලෙස කෙවින් මැකාති ගත් තීන්දු තීරණ, ඩිමොක්‍රටික්වරුන්ගේ පමණක් නොව, රිපබ්ලිකන්වරුන් බොහෝ දෙනකුගේ ද අප්‍රසාදයට හේතුවක් වී තිබුණි. මැකාතිට විරෝධයක් මතුවූයේ එහෙයිනි.

මැකාති ධුරයෙන් ඉවත් කිරීමට යෝජනාවක් පාර්ලිමේන්තුවට නිල වශයෙන් ඉදිරිපත් කළේ රිපබ්ලිකන් පාක්ෂික ෆ්ලොරීඩා කොංග්‍රස්සභික මැට් ගේට්ස්ය.

ගේට්ස්, හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සමීපතමයෙකි. මැකාති කතා නායක ධුරයෙන් ඉවත් කිරීමට කැරැලි ගැසූ රිපබ්ලිකන්වරුන්ගෙන් වැඩි දෙනා ට්‍රම්ප් හිතවාදීන්ය.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු එම යෝජනාවට පක්ෂව, මැකාති ධුරයෙන් ඉවත් කිරීමට ඡන්දය දුන් පිරිස 216 කි. මැකාතිට පක්ෂව ඡන්දය දුන් ගණන 210 කි. නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සිටින සියලුම ඩිමොක්‍රටික් සාමාජිකයන් ගණන 208 කි. ඔවුන් සියලු දෙනා මැකාතිට එරෙහිව ඡන්දය ලබා දුන් බව පැවැසෙයි.

ඇමෙරිකන් කතානායකවරයකු මෙසේ ධුරයෙන් ඉවත් කිරීම සිදුවූයේ පළමු වරට යැයි එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

(සී.එන්.එන්.)



අදහස් (3)

ඇමෙරිකන් කතානායක ධුරයෙන් නෙරපයි

ලුම්බිණි Wednesday, 04 October 2023 06:33 AM

ඇයි අපට මේක කරන්න බැරි?

:       0       8

Rata PerataWednesday, 04 October 2023 11:58 AM

කොහේ කරන්නද ?අපේ රටේ පොහොට්ටු අපතයන්ට රාජපක්ෂලා ඉස්සරහා චූත් යනවා .දැක්කානේ එකෙක් පවුලේ එකෙක්ගේ ලක්ෂ 26 ක විදුලි බිලත් ගෙව්වා .ඉතින් මේ වගේ පුත්තලම් බූරුවෝ එක්ක මොන රට හදිල්ලක් ද ?ඔය සෙල්ලම් දාන්න තමයි රනිල් වගේ දුර්වල මිනිහෙක් දා ගත්තේ

:       2       5

ලප කුමාර Wednesday, 04 October 2023 11:42 PM

ඒ උනාට අපේ එකා යවන්න ලේසි නැහැ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 240 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 175 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 981 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site