
ඇමෙරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් හි පැවැත්වෙන 2026 ජාත්‍යන්තර වෙසක් සැමරුමට ශ්‍රී ලංකාවේ සහාය පළකරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ඇමෙරිකා බෞද්ධ දූත පිරිස හමුවේ පැවසුවාය.
ඇමරිකාවේ සිට මෙරටට පැමිණි මෙල්පිටියේ විමලකිත්ති ස්වාමීන් වහන්සේ ඇතුළු බෞද්ධ දූත පිරිස අරලියගහ මන්දිරියේදී හමුවූ අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරිය එසේ පැවසුවාය.
2026 වසරේ පවත්වනු ලබන වෙසක් උත්සවය සඳහා අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියට නිල වශයෙන් ආරාධනා කිරීම මෙහිදී සිදු කෙරිණි.
ඇමෙරිකාවේජාත්‍යන්තර වෙසක් උත්සවය සඳහා අස්ගිරි පාර්ශවය සහ මල්වතු පාර්ශවය මහා නා හිමියන් ඇතුළු සංඝයා වහන්සේලා පිරිසක්ද ඇමරිකාව ටෙක්සාස් වෙත වැඩම කිරීමටද නියමිතය.
ටෙක්සාස්හි පවත්වන රාජ්‍ය වෙසක් උත්සවය 2026 මැයි 2-10 දිනවල, භික්ෂූන් වහන්සේලා 200 කට වැඩි පිරිසක් සහ ආරාධිත රාජ්‍ය සම්භාවනීය අමුත්තන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට සැලසුම් කර ඇති අතර ඊට සමගාමීව, බුදුන් වහන්සේගේ භෞතික පැමිණීම සංකේතවත් කරමින් උන්වහන්සේගේ පූජනීය ධාතු ප්‍රදර්ශනය කිරීමට අපේක්ෂා කෙරේ. කිරිගරුඬ ගල් ස්තූප 840 ක් තුළ භාෂා 10 කින් ත්‍රිපිටක කැටයම් කිරීම සඳහා ඩොලර් මිලියන 200 ක චෛත්‍යයක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක් ද ආරම්භ කර ඇති බවද බෞද්ධ දූත පිරිස අග්‍රාමාත්‍යවරිය හමුවේ පැවසීය.
පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාට එක්ව සිටියහ.


2025 දෙසැම්බර් මස 04
655
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
541
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
444
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඇමෙරිකා බෞද්ධ දූත පිරිස අගමැතිනිය හමුවෙයි
අමර Tuesday, 05 August 2025 04:58 AM
ප්‍රතිපත්ති පූජාව තමයි වඩාත් වැදගත්, උන්නාන්සේ. ඔය කැටයම් නෙවෙයි. කවදා ඕක තේරුම් ගනීද මන්දා.
යෝගා Tuesday, 05 August 2025 08:10 AM
බීරි අලින්ට වීණා ගායනා කරනව දැකල නැත්නම් බලාගන්න.