(සුජිත් හේවාජුලිගේ )
අලුතින් පත්වූ ඇමැතිවරුන්ට පාර්ලිමේන්තු සභාගර්භයේ අසුන් පැනවීම පමා කිරීමට පාර්ලිමේන්තු ප්‍රධානීන් තීරණය කර ඇත.
ඇමැතිවරුන් තවත් පිරිසක් දිවුරුම්දීමට නියමිතව සිටින හෙයින් සියලුම දිවුරුම්දීම් අවසන්වීමෙන් පසුව අසුන් පැනවීමට බලාපොරොත්තු වන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ලංකාදීපයට පැවැසීය.
එසේ නැතහොත් වරින් වර අසුන් වෙනස් කිරීමට( පැනවීමට) සිදුවීමෙන් විවිධ අපහසුතා මතුවන බවද හෙතෙම සඳහන් කළේය.
රාජ්‍ය අමාත්‍යවරුන් පිරිසක්ද ඉදිරි දිනවල දිවුරුම්දීමට නියමිතය.
අලුතින් පත්වූ ඇමැතිවරුන්ට ආණ්ඩු පක්ෂයේ ඉදිරිපෙළ අසුන් වෙන් කිරීම සාමාන්‍ය සම්ප්‍රදාය බව පාර්ලිමේන්තු නිලධාරීහු පැවසූහ.
දේශපාලන කලබල මැද වරින් වර සිදුවූ ඇමැති තනතුරුවල වෙනස් වීම් නිසා පාර්ලිමේන්තු සභාගර්භයේ අලුතින් ආසන පැනවීම් පසුගිය සති කිහිපය මුළුල්ලේම සිදු කෙරිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd