
( සුදත් එස්.කුමාරසිරි)
පරිසර අමාත්‍ය නෂිර් අහමඩ් මහතා නුවරඑළිය බලා ගමන් කළ හෙළිකොප්ටර් යානය පවතින අධික වැසි සහිත කාලගුණය නිසාවෙන් හදිසියේම අද උදෑසන කොත්මලේ ගාමිනි දිසානායක ජාතික පාසල් ක්‍රීඩාංගණයට ගොඩබැස්සවීමට සිදුව තිබේ.
වර්ෂාව සමඟ කොත්මලේ අවට ප්‍රදේශවල දැඩි මිහිදුම් තත්ත්වයක් පවතින අතර ඒ හේතුවෙන් ගොඩබැස්සවීමට සිදු වූ අතර විනාඩි 45ක පමණ කාලයක් අමාත්‍යවරයා සමඟ නියමුවා ක්‍රීඩාංගණයේ රැදී සිටියහ.
අනතුරුව තත්වය මදක් සමනය වූ පසු නුවරඑළියේ සිට පැමිණි දෙස් විදෙස් නියෝජිතයින් කිහිප දෙනකුද යානයට නංවාගෙන යානය මඩකළපුව බලා පිටත් වු බව ආරක්ෂක අංශ සඳහන් කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොකූ රාජකාරියකට වෙන්න ඇති යන්න ඇත්තෙ, මේක හැදෙන රටක් නම් නෙවෙයි.
අනේ අනේ අපි බෙල්ට් තද කරගන්නවා .මේ මිනිස්සු උඩින් යනවා දහස් ගණන් වියදම් කරගෙන
ඉස්සර නම් ගියෙ රාජපක්සල විතරයි දැන් රට කන්න ඔ්න තරම් අය ඉන්නවා
ඔය. හරියෙ කදු තියෙනවා නෙ. ඒ එකකට. පාත් කරන්න බැරිවුනාද. නියමුවා. බේරෙන විදියට එක එකා හරි ගෙනත් ඉවරයක් කරන්න බලන්න. පරිසරය බලන්නද හොර ඔප්පු හදන්. වටිනා හිස් ඉඩම් මන්කොල්ල කන්නද. රනිල්. කඩදාසි කොල පාවා නාස්ති කරන්න එපා කිව්වා. නේ එතකොට මේ යකා මේ බෝරු ගමන් යන්නෙ සරුන්ගලයෙන්ද. මේයා කොලබට ආවම අහන්න පරිසරය ගැන. ප්ර්ශන. තෙල් පුච්චන් ගිය ගමනෙ ප්‍රතිපල දුප්පත් ජනයට කන්න නැහැ. ගොබ්බ රැල. උඩින් යනවා.
අනේ අපේ සල්ලි
මේ ඇමතිව බේරේ වැවෙන් නාවලා ගන්න වටිනවා