
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික විරරත්න)
වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා දසවැනි පාර්ලිමේන්තුව සඳහා ශ්‍රී ලංකා - නවසීලන්ත පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට තේරී පත් විය.
මෙම සංගමය දසවැනි පාර්ලිමේන්තුව සඳහා පිහිටුවීමේ රැස්වීම ඊයේ (20) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් ඩේවිඩ් ග්‍රෙගරි පයින් මහතා ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී විය.
මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී තනුර දිසානායක මහතා සංගමයේ ලේකම් ධුරයට තේරී පත් වූ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රීනී නීතිඥ ගීතා හේරත් මහත්මිය සංගමයේ භාණ්ඩාගාරික ධුරයට තේරී පත්වූවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකත් කන්න යන්නේ...
වාල් ඩිසන්ත...