
(සුජිත් හේවාජුලිගේ)
ඇමැති බංගලා ඉල්ලූ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන සහ පුද්ගලයන් පිළිබඳ වාර්තාව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් ජනාධිපති ලේකම් කාර්යාලයට බාර දෙනු ලැබ ඇත.
ඇමැති බංගලා ඉල්ලා ඇති ආයතන සහ පුද්ගලයන් සංඛ්‍යාව හැත්තෑවකට ආසන්න බව ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම ඉල්ලීම් සලකා බැලීමෙන් පසු ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ඇමැති බංගලා සම්බන්ධයෙන් ඉදිරි සතියේදී යම් තීරණයක් ගනු ලැබීමට නියමිතය.
මේ සම්බන්ධයෙන් අප රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අභයරත්න මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ ඇමති බංගලා බොහොමයක්
ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවයි.
කාලයක් තිස්සේ වසා දැමීම හේතුවෙන් ජරාවාස වීම සැලකිල්ලට ගෙන ප්‍රතිසංස්කරණ කටයුතු මෙසේ ආරම්භ කළ බවද ඔහු සඳහන් කළේය.
කොළඹ නගරයේ ඇති ඇමැති බංගලා සංඛ්‍යාව තිස්පහකි.
ඇමැති බංගලා කිසිවක් ජාතික ජන බලවේග රජයේ ඇමතිවරුන් භාර නොගැනීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇත.
එක ඇමති බංගලාවක් පමණක් දැනට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ලබාදි ඇත
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බංගලා අවශ්‍ය නැතිනම් , ප්‍රසිද්ධ ටෙන්ඩර් කැඳවල විකුණලා දමලා රජයේ ණය බර අඩු කරගන්න , තිබෙන ණයවලට දිනපතා පොලිය වැටෙන බවත් ඒවා මුළු මුදලට එකතුවෙලා වැල් පොලියක් හැදෙන්න බවත් අමතක කරන්න එපා.