( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
"කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිසම් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය , ජනතා විමුක්ති පෙරමුණ හා සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් ගොනු කර ඇති විශේෂ පෙත්සම්වලට එරෙහිව මැදිහත් වී කරුණු දැක්වීමට අවසර ඉල්ලා අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්, මහතා ඇතුළු පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අතරමැදි පෙත්සම් ගොනු කර ඇත.
අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා සමග ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතිඥ සංගමය ඇතුළු පාර්ශව රැසක් අතරමැදි පෙත්සම් ඉදිරිපත් කර සිටිති.
වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහිව ඉදිරිපත් කළ පෙත්සම් සලකා බැලීම මේ වන විට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් ඉදිරියේ සිදු කෙරමින් පවතී..
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නේ ගොනු කරපු නඩුවේ කතාව ඇත්තනේ .ඔය අප්පලම කිව්වනේ එහෙම නෑ කියල දැන් මොකද මේ හිටි හැටියේ මේකට රිංගන්න හදන්නේ
හැමදාම කලේ කිසිම වැඩකට නැති වැඩ.
තව දවස් කීයක් ජීවත් වේවිද දන්නෙත් නැහැ. එ්ත් රට චීනාට පාවා දෙන්නමයි හදන්නේ. හැබැයි සොහොනටත් හෙන ගහනවා මේ කරන අපරාධවලට...
අනිවාර්යයෙන්ම කළ යුතුයි. විජයදාසට ඇමැතිකමක් ලැබුනේ නැතිකමේ පලිය ගැනීමට රටේ සංවර්ධනයට හානිකරනවා. සජියා බොරදියේ මාලු බාගන්න හදනවා. මේවා මෙහෙම වෙන්න දෙන්න බැහැනේ ජනපතිතුමනි... කාර්යක්ෂමව මේවාට මැදිහත් වන්න. කල් නොදමන්න.
සත 05 කට වැඩක් නැති මනුස්සයෙක්... මේ වෙනතුරු හරියට කරපු දෙයක් නැහැ. තමුන්ගේ වාසියට, පැවැත්මට පැති මාරුකරපු එක තමයි..
හැමදාම කලේ කිසිම වැඩකට නැති වැඩක්ලු... තමන්ට ගෝචර දෙයක් කතා කළොත් නරකද?
කරුණු පැහැදිලි කරන්න අවස්ථාව ඉල්ලීම සාධාරණයි. ඒ අවස්ථාවේ කියන දේවල් ප්‍රසිද්ධ කළොත් අපිටත් තේරුම් ගන්න පුළුවන් වේවි සිද්ද වෙන්නේ මොකක්ද කියලා...?
මේ තමන් විසින්ම තමන් නීති විශාරදයෙක් යයි කියාගන්නා ජී.එල්. පීරිස් ගැන නොකියා සිටීමට නොහැකි විශේෂ දේවල් කිහිපයක් මෙන්න.. "...නීති විශාරද වුනාට මොහු පෙනීසිටි එකම නඩුවක්වත් නැත. " මේ බව කිවේ ඒ කාලේ පීරිස් නිසා අවුරුදු ගණනක් රස්සාව නැතිවුණා, දැන් ගජ මිතුරෙක් වී සිටින නලින් ද සිල්වායි. තව කරුණක්, නීති විශාරද වුණාට මෙයාගේ ඉංග්‍රීසි (පරිපාලන සහ ජාත්‍යන්තර කටයුතු) දැනුම අන්තිමයි. බැන්කි මූන් ලංකාවට ඇවිත් යන වෙලාවේ දුන්නු ලියවිල්ල කියවා" මේකට අත්සන් කරන්න එපා...!!! " යයි ඉංග්‍රීසි පිළිබඳ ප්‍රාමාණික උගතෙකු වන මහාචාර්ය රජිව විජේසිංහ කියද්දී, ඒ ලියවිල්ල කියවා ".. ප්‍රශ්නයක් නැහැ අත්සන් කරන්න..." කියා මහින්ද රාජපක්ෂව නොමග යැව්වේ මේ මහලු මිනිසායි. ඒ ලියවිල්ල තමයි අද අපට පාරාවලල්ලක් වී ඇති " ජිනීවා මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනා පත්‍රය " වී ඇත්තේ... මෙවැන්නන් නීතිඥයින් සමග උසාවියේදී " හැප්පෙන " හැටි බලාගෙන ඉඳිමු.
මෙතුමා මෙයට පෙර 2018 මෛත්‍රීපාල මහතා මහින්ද අගමැති බවට පත්කළ අවස්ථාවේත් එයට එරෙහිව නඩු විභාග වූ අවස්ථාවේ නීති මහාචාර්යතුමා ශ්‍රේෂ්ඨාධිකරණයේ ඔය විදිහට කරුණු දැක්වූවා. ඒ නීති තර්ක අධිකරණයේදී ප්‍රතික්ෂේප වුණා. අනේ මන්දා..?
මේ කේස් එකෙන් බැසිල්ගේ කට්ටියට පොඩ්ඩක් රිදිලා වගේ. මොකක් හරි දෙයක් තියෙනවා බැසිල්ලාගේ...