
(රෝෂන් තුෂාර)
රුපියල් ලක්ෂ 276ක් රජයට පාඩු කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ඇප ලැබූ ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධණය කිරීමේ සංස්ථාවේ හිටපු සභාපති ලියන ආරච්චිගේ ප්‍රසාද් හර්ෂණද සිල්වා ඇප කොන්දේසි සම්පූර්ණ නොකිරීම හේතුවෙන් බන්ධනාගාරය වෙත රැගෙන ගියේය.
සැකකරු ඇප මත මුදා හරින ලෙස නියෝග කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සැකකරු ඇප කොන්දේසි සම්පූර්න කිරීමෙන් පසුව මුදා හරින ලෙසට නියෝග කළාය.
රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප පහක් නියම කළ මහේස්ත්‍රාත්වරිය සැකකරුවන් තිදෙනකු ළඟම ඥාතීන් විය යුතු බවද සියලු අපකරුවන්ගේ පදිංචි සහතික ඇතුළු ග්‍රාම සේවා සහතික ද ඉදිරිපත් කරන ලෙස නියෝග කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd