(සුජිත් හේවාජුලිගේ )
කර්මාන්තශාලා ආශ්‍රිතව කොවිඩ් ආසාදිතයන්ගේ වැඩිවීමක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
මේ අනුව නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව සියලු කර්මාන්ත ශාලා පවත්වාගෙන යන්නයි ඒවායේ ප්‍රධානීන් ට විශේෂ උපදෙස් මාලාවක් ලබා දී ඇති බවද ඔහු කියයි.
යම් යම් කර්මාන්ත ශාලාවලින් වැඩිපුර රෝගීන් හමු වෙනවා නම් අදාළ ප්‍රදේශයන්හි සෞඛ්‍ය බලධාරීන් සමඟ සාකච්ඡා කර ඒ ආයතන තාවකාලිකව වසා දැමීමට කටයුතු කරන බවත් ඇතැම් අවස්ථාවලදී ආසාදිත සේවකයන් ඉවත් කර ආසාදිත නොවන සේවකයන් කැඳවා කර්මාන්ත ශාලා පවත්වාගෙන යෑමට උපදෙස් දී ඇති බවත් ඔහු සඳහන් කරයි
සියලුම කර්මාන්තශාලා අවම බාධා යටතේ වැසීමකින් තොරව පවත්වාගෙන යෑමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කරන බව ද අසේල ගුණවර්ධන මහතා පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සති 06කට විතර කලින් සමාව දෙනවා කිව්වා...
කොහොමත් මෙයා කියන්න ඉස්සර වෙලා අපි දන්නවා. ‘‘ඌරන්ට මොන සෞඛ්‍යයද?‘‘ නියාය තියෙනකම් නම් ගොඩ යන්නේ නැහැ.
ඒවා අයිති ගජමිතුරන්ට... ඇඟලුම් කම්හල්වලින් කොරෝනා නිෂ්පාදනය කර බෙදා හැරිම සිදු කරනවා. එතකොට නිරෝධායන හෝටල්, පී.සී.ආර්. පරීක්ෂණ සහ ඇන්ටිජන් වැනි අමතර ආදායම් මාර්ග විවෘත වෙනවා. ඒවා වහන්න බැහැ. ජනතාව ගෙදරට වෙලා ඉන්න.
ඒකත් වහලා දැම්මාම ඉවරයි. චීනයෙන් ඇඳුම් මහලා ප්‍රති අපනයනය කරමු...