
(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
සේවකයින් 1500 ක් පමණ සේවය කරන දිවයිනේ ප්‍රධාන පෙළේ නමගිය ඇඟලුම් ආයතනයක එක ශාඛාවක සේවක සේවිකාවන් 40 ක් පමණ අසනීප තත්ත්වයන් හේතුවෙන් නිවාඩු ඉල්ලුම් කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි. මෙම ඇඟලුම් ආයතනයේ මිනුවන්ගොඩ ශාඛාවේ සේවිකාවකට කොරෝනා ආසාදනය වීමෙන් පසු අයි. ඩී. එච්. රෝහලට ඇතුළත් කර තිබේ.
මෙසේ කොරෝනා ආසාදිත බව හෙළි වී ඇත්තේ දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි සිව් දරු මවකටය. රෝගී කාන්තාව හා ඇසුරු කළ සෙසු පුද්ගලයින් සම්බන්ධයෙන් හඳුනාගැනීමේ පරීක්ෂණ කටයුතු සෞඛ්‍ය බලධාරීන් විසින් දැනටමත් ආරම්භ කරනු ලැබ ඇත. සිව් දරු මවක වන මෙම සේවිකාව හා සමීපව ඇසුරු කළ අනෙක් සේවිකාවන් 42 දෙදෙනෙකුගේ පවුල්වල සාමාජිකයන්ද නිරෝධායනය කිරීමට සෞඛ්‍ය බලධාරීහු පියවර ගත්හ.
මෙම කාන්තාවගේ පියාල ස්වාමියා හා දරු සිව් දෙනා හබරාදූවේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට පියවර ගනු ලැබ තිබේ.
හඳුනාගත් කාන්තාව මිනුවන්ගොඩල බාඳුරාගොඩ ප්‍රදේශයේ සිට ගමන් ගන්නා සේවක ප්‍රවාහන රියකින් සේවයට යන බවද, එම රථයේ 35 දෙනෙකු ගමන් ගන්නා බවද වාර්තාවේ. වැඩ පරීක්ෂකවරියක වන කොරෝනා ආසාදිත කාන්තාව, 20 දෙනෙකුගේ සේවය පිරික්සීමේ රාජකාරියේ යෙදී ඇතැයි ද හෙළි වී තිබේ.ගම්පහ දිස්ත්‍රික්කකය පුරා වෙසෙන විශාල පිරිසක් මෙම ආයතනයේ සේවයකරන බවද අනාවරණය වී තිබේ.
මෙම කාන්තාව පසුගිය 30 වැනිදා කර්මාන්තශාලාවේ සේවය කරමින් සිටින අතරදී රෝගාතුර වීමෙන් පසු ආයතනයේ බලධාරීන් විසින් ඇයව ගම්පහ රෝහලට ඇතුළත් කරනු ලැබ ඇත.
ඔක්තෝබර් 01 වැනිදා ඇය පී. සී. ආර්. පරීක්ෂණයකට යොමු කිරීමෙන් පසු දෙවැනි දා නිවස කරා පැමිණ ඇතග එහෙත් ඇයට කොරෝනා ආසාදිත බව තහවුරු වී'ඇත්තේ 3 වැනිදා (ඊයේ) ලැබුණු වාර්තාවකිනි. ඒ සමගම සෞඛ්‍ය බලධාරීන් ඇය අයි. ඩී. එච්. රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබා දීමට පියවර ගත් අතර ඇගේ පවුලේ පිරිස නිරෝධායනයට යොමු කරනු ලැබිණ.
මෙම සේවිකාව හා සමීපව කටයුතු කළ අනෙකුත් සේවක සේවිකාවන් මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ද නිරෝධායනය කිරීමට කටයුතු කර ඇති අතරම ඔවුන් සම්බන්ධයෙන් පී.සී.ආර් පරීක්ෂණ පැවැත්වීමට කටයුතු කරමින් සිටින බවද සෞඛ්‍ය බලධාරීහු කියති.
කොරෝනා ආසාදිත කාන්තාවකගේ දරුවන් දෙදෙනකු දිවුලපිටිය හා ගල්කන්දේ පාසල් දෙකක ඉගෙනුම ලබන අතර එම දරුවන් හා සමීපව කටයුතු කර ඇති සෙසු පාසල් සිසුන් සම්බන්ධයෙන් ද පරීක්ෂණ පැවැත්වීමට නියමිත බව මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය. එමෙන්ම ඇය ගම්පහ මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අවස්ථාවේදී සේවයේ යෙදී සිටි රෝහල් කාර්යමණ්ඩලයේ 15 ක පමණ පිරිසක් ද නිරෝධායනය කිරීමට කටයුතු කරන බවද සෞඛ්‍ය බලධාරීහු කියති.
දිවුලපිටිය හා මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශවල නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කිරීමත් සමඟ දිවුලපිටිය හා මිනුවන්ගොඩ ප්‍රදේශය හරහා ගමන් කිරීම ද නවතා දමා ඇති අතර මාර්ග බාධක යොදා පරීක්ෂණ කටයුතු කිරීමට පොලිසිය කටයුතු යොදා තිබේ.
COMMENTS
ලංකාවේ අපිට කොරෝනා ඉක්ක්මනට ම අමතක උනා. දෙවන රැල්ල එකක් ගැන හිතුවේ නෑ.
එක්කෙනෙක් හාල් බැග් 4ක් අරගෙන යනවා. මොනවා වුනත් කාලම මැරෙන්න හදන ජාතියක්.
වර්ල්ඩ්මීටරයට අනුව මාස 1 වන දින සිට පරීක්ෂණ සිදු කර නොමැත .මෙම බැක්ටීරියා වසංගතය ගැන අවතක්සේරු නොකළ යුතුය. අසල්වැසි ඉන්දියාව දෙස බලන්න.
බොහෝ මිනිසුන් මුඛ ආවරණ දමන්නේ බෙල්ලට. සමහර දෙනා දාන්නේම නැහැ. එක්තරා ජාතියක මිනිසුන්ට මුඛ ආවරණ අරහන්. ඒ ජාතියේ කාන්තාවන් මුළු පංචස්කන්ධය ම වහගෙන. ඒත්, අවශ්‍ය තැන් විවෘතයි. මොවුන් කෙසේ හදන්නද .. ?
මේ ඇඟලුම් ආයතනයට නම මොකක්ද.?
ලංකාවේ මිනිසුන් අනාගනිමින් සිටිති. විනාශය අත ලග. ඒත් කෝ මාස්ක්, කෝ සමාජ දුරස්ත බව. කෝ අත් හෝදනවා. අපි ඉගෙනගන්නේ කවදා ද?
මේ කර්මාන්තය කරන අය විශේෂයෙන් පරිස්සම් වෙන්න ඕන.