(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
රටේ ආර්ථික අර්බුදය විසඳීම සඳහා විශේෂිත යෝජනාවලියක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට බාරදෙනු ලැබීය.
කතානායකවරයා විසින් මෙම යෝජනාවලිය ඉදිරිපත් කරනු ලැබ ඇත්තේ රටේ වැදගත් ක්ෂේත්‍ර ගණනාවක් ඉලක්ක කරගෙන බව කතානායක මාධ්‍ය අංශය පවසයි.
අඩු ආදායම්ලාභී ජනතාවට සහන සැලසීමේ වැදගත්කමද එම යෝජනාවලියෙන් පෙන්වාදී ඇත.
ආර්ථික අර්බුදය විසඳීම සඳහා කතානායකවරයා හිටපු මුදල් අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතාටද මෙයට පෙර යෝජනාවලියක් බාර දුන්නේය.
කතානායකවරයා අගමැතිවරයාට බාරදුන් එම යෝජනාවලිය පහතින් දැක්වේ





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෑහෙන අලාභයක් වුණාට පස්සෙද මොලේ හරිතැනට ගියේ..? රටේ දැනට තියෙන ප්‍රශ්න දිහා බලන්න. දැක්මක් එන්න ගුටි කන්නම ඕනෑද? අවස්ථාවාදියෝ... මෙවැනි දේශපාලුවන් හින්දා තමයි මෙරට මෙවැනි තත්වයකට පත්වූයේ..! එතකන් රජ මගුල්...!
සියලුම පවුලේ සාමාජිකයින් පුද්ගලික කාර්ය මණ්ඩලයට පත්කළ යුතුයි.
ඩොලර් 10000-15000 තැන්පත් කරන්න පුළුවන් විදේශ ශ්‍රමික අපට ඩොලර් 2500ක යතුරු පැදියක් හෝ ත්‍රි රෝද රථයක් ගන්න බලපත්‍රයක් දෙන්න යෝජනා කරන්න බැරිද? අපි ළඟ ඩොලර් ලක්ෂ ගණන් නැති අතර, වාහන වලට පෙට්‍රල් ගහන්න සල්ලිත් නැත. වැඩි දේවල් අවශ්‍ය නැහැ, රට යනකොට විදේශ සේවා එකෙන් අය කරන 17500 අය නොකර ලියාපදිංචිය නොමිලේ කරලා දෙන්න බැරිද?
ඔක්කොම දීමනා සල්ලි කාරයන්ට විතරයි... රට විරුවන් මැරීගෙන ඩොලර් යවනවා.. ඒ වුණාට සහන මුකුත් නෑ...
ලොක්කා රට හදන්න ඉස්සෙල්ලා තමන්ගේ කාර්ය මණ්ඩලේට පත්කරලා ඉන්න තමුන්ගේ හැත්ත බුරුත්ත අහක් කරලා ඉන්න..!
පිටරට ඉඳන් සේවය කරලා ලක්ෂ ගණන් ඩොලර් ලංකාවට එවලා දැන් සතයක් වත් බැංකු මාර්ගයෙන් එවන්නේ නැති කෙනෙක් විදියට මම මේ කතා කරන්නේ. මේ යෝජනාවලියේ 1 සිට 4 දක්වා යෝජනා ඉතාමත් හොඳයි. රට ඇතුලේ තියෙන ඩොලර් වියදම් කරලා වාහන ගෙන්වන රජයේ සේවකයින්ට සහ දේශපාලකයින්ට වඩා ශුද්ධ අයිතියක් රටට ඩොලර් ගේන සහ ඩොලර් උපයන විදේශයන්හි සේවය කරන අයට තියෙනවා. ආරම්භයක් වශයෙන් මේක හොඳ පියවරක්. ඒ වගේම අර අනවශ්‍ය රේගු බදු සහ ප්‍රමාදවීම් නොමැතිව සරල බද්දක් එවැනි වාහනයකට අයකිරීම සාධාරණයි. නමුත් නීතියක් පැනවිය යුතුයි අඩුම වශයෙන් අවු 2ක් හෝ එම ගෙන්වන වාහනය හෝ වාහන අන්සතු නොකළ යුතු බවට. එමෙන්ම මෙම වාහන සම්පූර්ණ විදුලියෙන් දුවන වාහන නම් ඉහත කී බද්ද ඩොලර් 5000 ක් කිරීමටත්, ගෙන්වන සියලුම වාහන අවු 2 ක් හෝ 3 ක් ඇතුළත නිෂ්පාදිත වාහනයක් විය යුතුයි. මෝටර් සයිකල් සහ ත්‍රීවීල් වලටද මෙම සහනය අදාල මුදල අනුව පිරිනැමිය යුතුයි.
ලොක්කා, ඩොලර් ලක්ෂ ගණන් තැන්පත් කරන්න අපට නැත.. අපේ බජට් එකට ගැලපෙන දෙයක් ඔය ගොල්ලන් ඉදිරිපත් කළෙත් නැත, කරන්නෙත් නැත. අපි රට යනකොට පස්සෙන් එළවගෙන ඇවිත් රක්ෂණ මුදල වන 17500 කඩා ගන්න නම් ඔයගොල්ලෝ අමතක කළේ නැත. නමුත් කොරෝනා කාලේ ඔබලා අපිව අමතක කර දමා කිසිම රටක් නොකළ විදිහට රටේ පුරවැසියන්ට වසා දැම්මේය. පසුව සල්ලි තිබෙන මිනිස්සු පමණක් ගජමිතුරන්ගේ නිරෝධායන හෝටල් හරහා රට තුළට ගත්තා. ලොක්කා, ඔබලාට වැඩිය අපිට කලුකඩ උණ්ඩියල් මුදලාලි අපට විශ්වාසය.. ඔහු අපේ මුදල්වලට ඔබලාට වැඩිය වැඩි වටිනාකමක් ගෙවන අතර අපට කරදර වන එක එක නීති දමන්නෙත් නැත.
මේ උන්නැහේට වඩා හොඳට ආර්ථිකය ගැන කරුණු කියන්න අය පාර්ලිමේන්තුව තුළ නැතිනම් අර මහා විද්වත්තු ඉන්න මහබැංකුව තුළ නැතිද?
හොඳ යෝජනාවක්... ප්‍රමාදවෙලා හරි නිසිමගට යනවා නම් හොඳයි...
2/3 තියෙනකොට කරගන්න බැරි වුණා. දැන් නිකන් ෂෝ විතරයි.