
(සුජිත් හේවාජුලිගේ )
රටේ ආර්ථික බංකොලොත්භාවයට හේතු සෙවීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකත්වයෙන් සමගි ජන බලවේගය පක්ෂය සහ ජාතික ජන බලවේගය පක්ෂය ඉවත්වීමට තීරණය කර ඇත.
14 දෙනෙකුගෙන් සමන්විත මේ විශේෂ කාරක සභාවේ නව දෙනෙක්ම ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්රීවරු වෙති. ඉතිරි පස් දෙනා විපක්ෂය නියෝජනය කරති.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී විජිත හේරත් මහතා පැවසුවේ එම කාරක සභාවෙන් තමා ඉල්ලා අස් වූ බවයි.
ආර්ථික බංකොලොත් භාවයට හේතු සොයන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතාය.
ඔහු එම කමිටුවට පත් කිරීමට විපක්ෂයේ මන්ත්රීවරු පාර්ලිමේන්තුවේ දී පසුගියදා කතානායකවරයාට සිය විරෝධය පළ කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේගොල්ලෝ කවද්ද රට වෙනුවෙන් වගකීමක් ගත්තේ ?හැමදාම බොරු කිය කියා මග හැරිය එක විතරයි
සජබයන් සහ ජාජබයන් දන්නේ විචේචනය කරමින් කෑ ගැසීමට විනා ප්රශ්නවලට විසදුම් සෙවීමට නොවේ. එසේම, ආරථික අර්බුදයට ඔවුන් ද සැලකිය යුතු ලෙස දායක වී ඇති බව ද වසන් කරන්නට බැරි කාරනාවකි.
මෙ ආන්ඩුව හොර කාලා රට විනාස කරල එකට උප්පැන්නෙ දෙන්ඩ විපක්සෙට කතා කරලා වැඩක් නැහැනෙ.
මැතිණියගේ කාලේ හොඳට හැදීගෙන ආපු රට කෑවේ කාලකන්නි ජෙප්පෝ. ඊළඟට රට කාගත්තේ අපිමයි. ඒ තම්බිලාට රට බාර දීලා. 1971, 1989, 2022 රට කාපු හැතිකරේ නැවත බලය ඉල්ලනවා. ණයබරින් රට මුදවා ගන්න පුළුවන් ඒ ගොල්ලන්ට කියලා. පොටෝ කොපි ගහලා වෙන්න ඇති ඒ ගොල්ලෝ සල්ලි මවන්නේ. ඒ කථා රටේ 3% මෝඩයින්ට හොඳයි...
රටේ ආර්තිකය බන්කොලොත් කෙරුවේ දූෂිත පවුල් පාලනේ උන් සහ දූෂිත දේසපාලුවෝ කියලා ලෝකෙම දන්නවා .කමිටු පත් කෙරුවා කියලා ඇති වැඩේ මොකද්ද
මැතිනිය දියුණු කරගෙන ආපු රට බංකොලොත් කරන්න පටන් ගත්තේ 1971, 1989, ලේ සැලෙන විප්ලව කරපු පාහර ජෙප්පෝ. ධනපති විරෝධී විප්ලව පටන් ගත්ත හැත්ත මොනාද කලේ මේ දුප්පත් රටේ බස් ගිනිතිබ්බා, ට්රආන්ස්පොමර්, තැපැල් කන්තෝරු ගිනිතියල බැංකු කඩලා සල්ලි ගත්තා. රටට රැකියා සපයපු විදෙස් ආයෝජකයෝ රටින් පැන්නුව. ඊට පස්සේ තම්බි මුදියන්සේට රට දීල රට කා ගත්තේ ජනතාවම තමයි.
ජාජබ ඉවත් උනේ රටේ බංකොලොත් බාවය පටන් ගැනීමේ 1971 ආරම්භය ඒගොල්ලෝ නිසා. සජබයෝ ඉවත් උනේ ඊළඟ බංකොලොත් කිරීම කෙරෙන කොට ඒගොල්ලෝ තම්බි මුදියන්සේ සමග හිටී නිසා. ඔය කවරුත් රට බංකොලොත් වීමට වගකිවයුතුයි.
මේ කමිටුව කිසිම තේරුමක් නැති කමිටුවක්... තමන් කරපු වැරැදි හොයන්න තමන්ම පත් වෙනවා නම් ඒක විහිළුවක්...
සභාපති කවුද කියලා දැනගත්තාම කමිටුවේ අරමුණ මොකක්ද කියලා හිතාගන්න පුළුවන්...
ජනාධිපතිතුමා, අනුන්ගේ ප්රශ්න නොවේ.. කටුනායක ගුවන් තොටුපලෙන් එළියට එන මනුස්සයෙකුට පොදු ප්රවාහන සේවා භාවිතා කර කොටුවට යන්න බැහැ. ටැක්සි මාෆියාව නිසා... බෑග් උස්සගෙන යන්න ඕනේ... පුළුවන් නම් මේක විසඳලා දෙන්න.