හම්බන්තොට ජාත්‍යන්තර වරායේ ක්‍රියාකාරීත්වය දැක බලා ගැනීම සඳහා, ආරක්ෂක උපදේශක නියෝජිත පිරිසක් පසුගියදා වරායේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූහ. නොයෙකුත් රටවල් ගණනාවක් නියෝජනය කළ ආරක්ෂක නිලධාරී කණ්ඩායමෙන් සමහරෙක්, කලාපයේ ක්‍රියාත්මක වන සිය නාවික යාත්‍රා, සේවා සහ අනෙකුත් පහසුකම් ලබා ගැනීම සඳහා හම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP) වෙත යොමු කිරීම පිළිබඳ උනන්දු වූ බව හම්බන්තොට වරාය සමාගම සඳහන් කරයි.
සංචාරයට සහභාගී වූ ආරක්ෂක උපදේශක නිලධාරීහු ඇමරිකා එක්සත් ජනපදය, මාලදිවයින, ප්‍රංශය, ජර්මනිය, කෙන්යාව, කොරියානු ජනරජය, මෙක්සිකෝව, නෙදර්ලන්තය, පෝලන්තය සහ ස්විට්සර්ලන්තය යන රටවල් නියෝජනය කළහ.
හම්බන්තොට ඉන්ටර්නැෂනල් පොර්ට් සර්විසස් සමාගමේ (HIPS) සාමාන්‍යාධිකාරී කපිතාන් මියුරු ගුණසේකර, HIPS ආරක්ෂක විශේෂඥ ඩිලාන් සිල්වා, කාවන්තිස්ස නාවික හමුදා කඳවුරේ අණදෙන නිලධාරි, සහ ජාත්‍යන්තර නෞකා සහ වරාය ආරක්ෂක කාර්යාලය (ISPS) හා නාවික අංශ සඳහා පෙනීසිටින නිලධාරීන් ඇතුළු පිරිසක් විසින් නියෝජිත පිරිස පිළිගනු ලැබීය. ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය සහිතව සිදු වූ සංචාරයට ශ්‍රී ලංකා යුද හමුදාවේ සහ පොලිසියේ නියෝජිතයෝද සහභාගි වූහ.
මෑතකදී ඉන්දියානු නාවික යාත්‍රා දෙකක් සේවා සහ අනෙකුත් පහසුකම් සපයා ගැනීම සඳහා HIP වෙත පැමිණියේය. පසුගිය වසරවලදී ජපානය, ඉන්දුනීසියාව, රුසියාව සහ ඇමරිකා එක්සත් ජනපදය යන රටවල නාවික යාත්‍රා හම්බන්තොට වරායට පැමිණ ඇත. හම්බන්තොට වරාය මීටර් 17ක ජල ගැඹුරකින් යුත් බහුකාර්ය වරායකි.
-සටහන- චමින්ද මුණසිංහ
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ආරක්ෂක උපදේශක නියෝජිත පිරිසක් හම්බන්තොට වරායේ සංචාරයක