
(අංජුල මහික වීරරත්න)
රටේ පැවති අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ආයුර්වේද උපාධිධාරීන්ගේ ඇනහිට තිබූ සීමාවාසික පුහුණුවීම් යළි ආරම්භ කළ බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පැවසීය.
ඒ අනුව මාසයකට රුපියල් 67500ක ගෙවීමක් සහිතව ආයුර්වේද උපාධිධාරීන් සඳහා වන සීමාවාසීක පුහුණුව ආරම්භ කළ බවත්, ඊට රජය රුපියල් මිලියන 320ක් වැය කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා මේ බව සඳහන් කර සිටියේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට මැයෙන් අද (18) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩකට නැති රස්සා දිලා ඒවාට පඩි ගෙවන්න ඕන බදු ගෙවන අපි... ඕවායින් කරන ප්‍රතිකර්මයක් නෑ