IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ආයුර්වේද යුවළට ජපානයෙන් ලැබුණු සම්මානය

(සුමිත් පොතුපිටිය)

තම පෞද්ගලික ධනය ආයෝජනය කරමින් ශ්‍රී ලංකාවේ ආයුර්වේද ක්ෂේත්‍රය වෙනුවෙන් මයියංගන දඹාන ප්‍රදේශයේ ඉදිකරන ලද වර්ග අඩි විසි දහසක මයියංගන ආයුර්වේද කෞතුකාගාරය සහ අධ්‍යාපන නිකේතනයක් නිර්මාණය කිරීම වෙනුවෙන් ශ්‍රීලංකාවේ ආයුර්වේද වෛද්‍ය දෙපළකට ජපානයේ ෆුකුඕකාහී ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව මෛත්‍රී පදනම විසින් පසුගියදා ගෞරව සම්මානයක් පිරිනමා ඇත.

මුදල් ඉපයීම පරමාර්ථයෙන් තොරව ලෝකවාසී ජනයාගේ යහපත වෙනුවෙන්ම වූ නිර්මාණයක් වෙනුවෙන් ආයුර්වේද වෛද්‍ය එච්.එම්. විතානාච්චි සහ මාලී විතානාච්චි යන දෙපලට එකී ගෞරව සම්මානය පසුගියදා ජපානයේ දී පිරිනමා ඇත.

රෝගවලින් ආරක්ෂාවීම සදහා ආයුර්වේදයට අනුව කරනු ලබන්නාවු පූර්ව කර්ම සහ පංචකර්ම ප්‍රතිකාර පිළිබඳ සවිස්තරාත්මකව පැහැදිලි කිරීම්, ඖෂධ පැලැටි සංරක්ෂණය , පැරණි ආයුර්වේද වෛද්‍යවරුන් විසින් භාවිතා කරන ලද උපකාරක , පොත්පත් ආදිය ඇතුලත් මයියංගන දඹාන ආයුර්වේද කෞතුකාගාරය විෂය සම්බන්දයෙන් දැනුම ලබාගැනීමට දෙස් විදෙස් පරිශීලකයන්ට කදිම තෝතැන්නකි.

මෙරට තුල කිසිදු රාජ්‍ය අනුග්‍රහයක් හෝ අවදානයක් ලැබී නොමැති වටපිටවක ජපන් පදනමක් මගින් ගෞරව සම්මානයක් පිරිනැමීම පිළිබඳ මෙරට ආයුර්වේද ක්ෂේත්‍රයේ දැඩි කතාබහකට ලක්ව තිබේ.



අදහස් (5)

ආයුර්වේද යුවළට ජපානයෙන් ලැබුණු සම්මානය

SL Sunday, 30 July 2023 09:16 PM

මුදල් පස්සේ නොගිය, රෝගියා වෙනුවෙන්ම පැවතුනු වෙද පරම්පරාවක් තමයි ලංකාවේ හිටියේ. එහෙම හැම රටකම නැහැ.ඒ තරම් වාසනාවන්ත පරහිත කාමී මිනිස්සු හිටපු රටක් මේක මේවා අපෙන් ගිලිහුණු ලෝකෙටම දෙන්න තිබුණු දායාද දැනටත් ඉන්නවා දෙවිවරු වගේ වේදදුරෝ....................ඔව්නුටත් එක්ක මේ සුභපැතුම්

:       0       4

sisil Sunday, 30 July 2023 09:59 PM

ශ්‍රීලංකාවේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව දියුණු කිරීම සදහා ( reserch

:       0       2

කිරිපුතා Sunday, 30 July 2023 11:38 PM

දේශපාලකයින්ට කොමිස් ලැබෙනව නම් හොයලා බලයි. එහෙම නැතිනම් මොකුත් දන්නෙ නෑ.

:       0       3

KAPILA JAYAVILAL HERATH Monday, 31 July 2023 03:51 PM

විශිෂ්ඨයි.

:       0       3

Nihal Monday, 31 July 2023 04:04 PM

අපේ දරුවන්ට ආදි වාසීන් බලන්න ගිය දවසේ අහඹුව මෙතැනට ගියා... ලෝකවාසී සියලුදෙනාම යා යුතු තැනක්...

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 436 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site