IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


ආපදාවෙන් ට්‍රාන්ස්ෆෝමර් 16,771ක් කැඩිලා

(අංජුල මහික වීරරත්න)

හදිසි ආපදා තත්වය හේතුවෙන් විදුලිය අහිමි වූ ලක්ෂ 39ක පමණ පාරිභෝගික ජනතාවගෙන් 85% කට පමණ යළි සම්බන්ධතා ලබා දීමට හැකි වූ බව විදුලිබල මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී නොයෙල් ප්‍රියන්ත මහතා පවසයි.

ආපදා මෙහෙයුම් මාධ්‍ය මධ්‍යස්ථානයේදී අද (04) විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඒ මහතා මේ බව පැවසුවේය.

විදුලි පාරිභෝගිකයන් ලෙස කෝටි 7ට ආසන්න පිරිසක් රට පුරා සිටින බවද ඒ අතරින් ලක්ෂ 39කට විදුලි සම්බන්ධතා බිඳ වැටුණ බවද ඔහු පැවසුවේය. ඔවුන්ගෙන් 85%ට පමණ මේ වන විට යළි විදුලි සම්බන්ධතා ලබා දීමට හැකිවි ඇති බව සාමාන්‍යාධිකාරිවරයා පෙන්වා දුන්නේය.

ඇති වු හදිසි ආපදා තත්වය තුළ ට්‍රාන්ස්ෆෝමර් 16,771ක් අක්‍රිය වු අතර එයින් 14,549ක් යළි ක්‍රියාත්මක කිරීමට හැකි වී ඇති බවද ඔහු සඳහන් කළේය. ඉතිරි බිඳ වැටුණ සම්බන්ධතාද කඩිනමින් යථාවත් කරන බවද මෙම ක්‍රියාවලියේදී එක් විදුලි සේවකයෙක් ජීවතක්ෂයට පත් වු බවද ඒ පිළිබඳව කණගාටු වන බවද සාමාන්‍යාධිකාරිවරයා පැවසුවේය.

 



අදහස් (0)

ආපදාවෙන් ට්‍රාන්ස්ෆෝමර් 16,771ක් කැඩිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 48 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 343 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 362 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site