IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


ආපදාවට ලක්වූ ගුරුවරුන්ට රජයෙන් සහන ඉල්ලයි

(රංජිත් රාජපක්ෂ)
ආපදාවෙන් විනාශයට පත් වු ගුරුවරුන්ගේ ඔප්පුවක් හෝ ඉඩම් අයිතියක් නොමැති අයටත් වන්දි ලබාදිමට රජය කටයුතු කළ යුතු බව  ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි.

ජෝසප් ස්ටාලින් මහතා ඒ බැව් කියා සිටියේ නුවරඑලිය කදපොළ ප්‍රදේශයේ නායයෑමෙන් අවතැන් වූ සහ නිවාස අහිමි වු, ජීවිත අහිමිවු සහ ඉඩම් අහිමි වු ගුරුවරුන් පිලිබදව සොයැ බැලීමේන් පසු නුවරඑලියේ මාධ්‍ය  හමුවක් පවත්වමිනි.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ජෝසප් ස්ටාලින් මහතා කියා සිටියේ,
දැන් විශේෂයෙන්ම අපි දන්නවා මේ වෙලා තියන ආපදා තත්වය මත ගුරුවරු ගණනාවක් පීඩාවට පත් වෙලා තියනවා. ඒ වගේම ජනතාවත් පීඩාවට පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම අපි දකින දේ තමයි ගොඩක් අයගේ ගෙවල් විනාශ වෙලා තියෙනවා. සමහර ගෙවල් ගංවතුරට ගහගෙන ගිහිල්ලා තියෙනවා. ගෙවල් තියන තැනවත් නෑ. එතකොට මේ තත්වය තුල විශෙෂයෙන්ම ගුරුවරු රාජ්‍ය සේවකයෝ බරපතල පීඩාවට පත් වෙලා තියෙනවා. නුවරඑලිය විශේෂ තත්වයක් මත. මොකද නුවරඑලියේ බහුතරක් ගුරුවරුන්ගේ සහ රාජ්‍ය සේවකයන්ගේ ගෙවල් හදලා තියෙන්නේ විශේෂයෙන්ම ඔවුන්ට අයත් ඉඩම් ඔප්පුවක් නැතුව. මොකද වතුවල තමන්ට පාරම්පරිකව ආපු ඉඩම්වල තමයි මේ ගෙවල් හදලා තියෙන්නේ. එතකොට දැන් මේ ගෙවල් ගහගෙන ගිහිල්ලා, අර්ධ හානිවෙලා නැතත්ම් යන්න බැරි තත්වෙන් ඉවත් කියලා වෙලා. 



අදහස් (4)

ආපදාවට ලක්වූ ගුරුවරුන්ට රජයෙන් සහන ඉල්ලයි

Ruwan R Monday, 08 December 2025 04:52 PM

වෘත්තිය, තරාතිරම ගැන නොසලකා පොදුවේ මිනිසුන් ලෙස ගෙන සිදුව ඇති හානියේ තරමට වන්දි.., ආධාර ලබාදිය යුතුයි...

:       0       23

Third Eye Monday, 08 December 2025 04:55 PM

මේ සදහා වෘත්තීය සමිති අදාළම නැත...

:       0       23

පන්සිළු Monday, 08 December 2025 05:30 PM

වැඩ වර්ජනයකටවත් අර අඳිනවද? නෑ නේ. එයාලාගේ ආණ්ඩුවක්නේ තියෙන්නේ...

:       8       5

සුදා Monday, 08 December 2025 07:50 PM

අම්මපා ඔයාටත් හිතෙන දේවල්...

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 347 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 430 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 397 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site