(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තුව හෙට (8) සහ අනිද්දා (9) රැස්වීමට නියමිතය.
රේගු ආඥා පනතේ (235 අධිකාරිය වූ) “අ” උපලේඛනයේ විධිවිධාන යටතේ ආනයන තීරුබදු සම්බන්ධයෙන් 2025.04.09 දින ඉදිරිපත් කරන ලද අංක 2421/05 දරන 2025.01.27 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයට අදාළ යෝජනා සම්මතය අද (8) පෙරවරැ 11.30 සිට පස්වරු 5 දක්වා විවාදයට ගැනීමට තීරණය කර ඇත.
එසේම මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික යෝජනා 6ක් හෙට (9) පෙ.ව 11.30 සිට ප.ව 5.00 දක්වා විවාද කිරීම සඳහා කාලය වෙන් කර ඇත
මේ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා විසින් ඉදිරිපත් කරනු ලබන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයන්, හිටපු රාජ්‍ය නායකයින් හා එම වැන්දඹුවන් භුක්ති විදින වරප්‍රසාද සුදුසු පරිදි කප්පාදු කිරීමට අදාළ යෝජනාවද පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා විසින් ඉදිරිපත් කරනු ලබන අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීම සහ බෙදා හැරීම සඳහා රාජ්‍ය අංශයේ මැදිහත්වීම ඉහළ නැංවීමේ වැඩසටහනක් සකස් කිරීමට අදාළ යෝජනාවද පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා විසින් ඉදිරිපත් කරනු ලබන විගණන වාර්තා දෙන නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා වැඩසටහනක් සකස් කිරීමට අදාළ යෝජනාවද මෙසේ විවාදයට ගැනේ
මීට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා විසින් ඉදිරිපත් කරනු ලබන ශ්‍රී ලංකාවේ සෑම පවුලකටම ජීවත්වීමට නිවසක් ලබාදීමට අදාළ යෝජනාවද පාර්ලිමේන්තු මන්ත්‍රී රවීන්ද්‍ර බණ්ඩාර මහතා විසින් ඉදිරිපත් කරනු ලබන පොදු ප්‍රවාහන ප්‍රමිතීන්ට අනුකූල බස්රථ පමණක් මෙරටට ගෙන්වීමට අදාළ නීති සකස් කිරීම පිළිබඳ යෝජනාව සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල් ප්‍රේමනාත් මහතා විසින් ඉදිරිපත් කරනු ලබන “සංවර්ධන යෝජනා” නමින් ශ්‍රී ලංකාවේ මේ දක්වා ඉදිකර ඇති එහෙත් කිසිදු ප්‍රයෝජනයකට නොගන්නා ලද සියලුම ගොඩනැගිලි මහජන ප්‍රයෝජනය සඳහා යොදා ගැනීම සඳහා කටයුතු කිරීමට අදාළ යෝජනාවද මෙදින විවාදයට ගැනීමට තීරණය කර ඇත.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ආනයන තීරුබදු යෝජනාව හෙට මැතිසබේට
Himi damma Wednesday, 07 May 2025 08:42 PM
මේ පණිවිඩේ හෙට පළකරන්න ලියා තියෙන්නේ, මොකද අද පළ කලේ……?