(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ආධාර කිරීමට පැමිණෙන අයට පානය කිරීමට ලබා දීමට යැයි කියමින් කසිප්පු පෙරූ බව කියන උඩුබද්දාව ප්‍රාදේශීය සභාවට ස්වාධීන කණ්ඩායමකින් තරග කරන අපේක්ෂකයෙක් කුලියාපිටිය කොට්ඨාස දූෂණ මර්දන අංශයේ පොලිස් කණ්ඩායමක් විසින් පෙරේදා 18 වෙනිදා සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
අපේක්ෂකයා සමඟ කසිප්පු පෙරමින් සිටියේ යැයි කියන ඔහුගේ ආධාරකරුවකු ලෙස සැලකෙන අයකු ද මේ සමග සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.
කසිප්පු බෝතල් හතළිහක් සහ කසිප්පු පෙරීමට පදම් කරන ලද ගොඩා අඩංගු බැරල් දෙකක් ද කසිප්පු පෙරීමට යොදාගත් ගෑස් ලිපක් සහ ගෑස් සිලින්ඩරයක් ද මෙම වැටලීමේදී පොලිසිය භාරයට ගනු ලැබීය.
මෙම වැටලීම සිදුකර ඇත්තේ කුලියාපිටිය කොට්ඨාස දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අමිත් ජයමහ මහතාට ලැබුණු තොරතුරක් මතය.
තමාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට ආධාර කිරීමට පැමිණෙන ආධාරකරුවන්ට පානය කිරීමට ලබා දීමට කසිප්පු පෙරන ලදැයි සැකකාර අපේක්ෂකයා පොලිසියට පවසා ඇතැයි කියති.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ආධාරකරුවන්ට බෙදන්න කසිප්පු පෙරලා
anura - gampaha Monday, 20 February 2023 02:47 PM
බත්බැලයෙක්...!