




(චමිල් රූපසිංහ)
දළඳා සමිඳුන් උදෙසාආදිවාසින් විසින් සාම්ප්‍රදායිකව පවත්වන මි පැණි පූජාව සඳහා මේ වන විට නොයිදුල් මි පැණි සොයා ගැනිම අපහසු නොවුනත් දිනෙන් දින වන පරිසර විනාසය නිසා ඉදිරියේදි දළඳා සමිදුන් උදෙසා පවත් වන මි පැණි පුජාව සඳහා නොයිදුල් මි පැණි සොයා ගැනිම අපහසු වන බව ශ්‍රී ලංකාවේ ආදි වාසි නායක විශ්ව කීර්ති වනස්පති උරුවරිගේ වන්නිලා ඇත්තන් පැවැසීය.
ආදි වාසින් විසින් ශ්‍රි දළදා සමිදුන් උදෙසා සම්ප්‍රදායිකව පවත්වන මී පැනි පූඡාව මෙවරත් මහත් බැතියෙන් සිදුකිරිම සදහා අද (30) ආදි වාසි නායක තුමා සහ එතුමාගේ බිරිද වන හීන්මැණිකා මෑනිල ඇත්තන් ඇතුලු 12 දෙනෙකුගෙන් සමන්විත ආදි වාසින් පැමින ශ්‍රි දළදා වහන්සේ සදහා සාම්ප්‍රදායික මි පැනි පූඡාව 22 වන වරටත් පැවැත්විය.
මෙම සාම්ප්‍රදායික මී පැණි පූජාව සදහා ආදි වාසින් විශාල පිරිසක නොපැමිණියේ කොරෝනා උවදුර හේතුවෙන් බවද එතුමා එහිදි කිය.
මේ වන විට ඉවක් බවක් නොමැතිව කරනු ලබන වන විනාසය නිසා මී මැස්සන් වඳ වි යෑම හේතුවෙන් ඉදිරියේදි මි පැනි හිඟ තාවයක් ඇතිවන බවත් මි මැස්සන් වද වි යෑම මිනිස් සංහතියේම වදවී යෑමක් බවද ඹහු පැවැසු අතර මේ දිනවල පවතින කොරෝනා වැනි රෝග තත්වයන් ඇති විමට හේතුවද පරිසර විනාසය බවද ශ්‍රී ලංකාවේ ආදි වාසි නායක විශ්ව කීර්ති වනස්පති උරුවරිගේ වන්නිලා ඇත්තන් එහිදි අවධාරණය කළේය.
ආදිවාසීන් විසින් වනයෙන් නෙළා ගන්නා මීපැණිවල හොදම නොඉදුල් කොටස ඔවුන් සෑම වර්ෂයකදීම දන්ත ධාතූන් වහන්සේ වෙත පූජා කිරීම පුරාණයේ සිට පවත්වාගෙන එනු ලබන චාරිත්‍රයක් බවත් මෙවර 22 වන වරට දළඳා වහන්සේ උදෙසා මී පැණි පූජාව පැවැත්වු බවද ආදි වාසි නායකයා පැවැසිය.
ඉන් අනතුරුව දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දැල මහතා විසින් ආදි වාසින් සදහා ත්‍යග පිරිනැමික් සිදු කළේය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනතරම් ආශ්චර්යමත් පූජාවක්ද "මී පැණි පූජාව... මී මැස්සන් මලින් මලට ගොස් දුකසේ එකතු කරගත් නොයිඳුල්,. මිහිරි රසයෙන් යුක්තවූ මීපැණි වලින් දළදා සමිඳුන්ට පුදන ඒ මහත් පුන්‍ය කර්මයේ පිනෙන් කොටසක්, මෙතුමාලන්ට පමණක් නොව ඒ අහිංසක මී මැසි සේනාවටත් ලැබෙනවා නොඅනුමානයි. ඒ උතුම් පුණ්‍යකර්මයේ බල මහිමයෙන් සියල්ලන්ටම යහපතක්ම වේවා...!
අපේ ආදිවාසී වන්නිලා ඇත්තන් පරිසරයට කොතරම් ආදරය කරනවාද, ගරු කරනවාද, යන්න දැනගැනීමට ඔබත් කැමතිනම් යන්න දඹානේ ඒ අය ජිවත්වන පළාතට. මිනිසා සහ පරිසරය (සතා සීපාවා, ගහකොලන්..) අතර ඇති සුහද අන්තර් සහජීවනය ප්‍රායෝගිකවම ඔබට දැනගන්නට ලැබේවි. ආදිවාසීන් ඒ අයගේ එක සංස්කෘතික අංගයක්, චාරිත්‍රයක් ලෙස වසරක් පාසා සිදුකරන "නොඉඳුල් මීපැණි" දළදා වහන්සේට පුජා කිරීම මෙවරත් සිදුකිරීම අගේ කල යුතු ක්‍රියාවක්. මේ මීපැණි සාදන මි මැස්සන් අපි හිතනවාට වඩා අපේ ජීවිතය හා බැඳී අපිව ජීවත් කරනවා. ඒ නිසා තමයි විද්‍යාඥයින් පවසන්නේ දවසක මීමැස්සන් මේ ලොවෙන් තුරන් වුවහොත් ඒ මිනිස් වර්ගයාගේ අවසානය පටන්ගැනීම බව. මී මැස්සා මේ ලොවින් සමුගෙන අවුරුදු 10කදී මුළු මිනිස් සංහතියම විනාශ වෙලා යනවාලු. අප ආහාරයට ගන්නා සියලු දේම අපට "ඵලයක් " ලෙස ලැබෙන්නේ මේ මිතුරාගේ "පරාගණය" කිරීම නිසයි. අප අපේ රටට ආවේනික මී මැස්සන් ආරක්ෂා කරගත යුතුයි. එසේ නැතිව වැඩිපුර පැණි ලබාගැනීමේ අපේක්ෂාවෙන් වෙනත් විදේශික මීමැසි විශේෂයන් කිසි ලෙසකින්වත් මේ රටට වැද්ද ගැනීමෙන් වැළකිය යුතුයි. එයට හේතු රාශියක් තියෙනවා ..
1600 ගණන්වල ඇමෙරිකාවේ ජීවත්වුණු රටට ආවේනික විෂ දල නැති මීමැස්සන් අභාවයට යාමට හේතුවී ඇත්තේ " යුරෝපිය මී මැසි විශේෂයන් " ඇමෙරිකාවට හඳුන්වාදීමයි. නමුත් දැන් ඒ යුරෝපීය මීමැස්සන් අලුත් තර්ජනයකට මුහුණපාලාලු. ඒ තමයි මෑතකදී අලුතෙන් හඳුන්වාදුන් "අප්‍රිකානු මීමැසි විශේෂ" සමග පැමිණි පරපෝෂිතයින් නිසා යුරෝපිය විශේෂයන් නොයෙකුත් රෝගයන්ට ගොදුරුවීම... කෙසේවෙතත් නොඉඳුල් අප්‍රිකානු මී පැණිවලට බටහිර රටවල ඖෂධ නිෂ්පාදනය කරන ආයතනවලින් ලොකු ඉල්ලුමක් පවතිනවා. ඒ මීපැනිවල පුදුමාකර ඖෂධීය ගුණ තියෙනවලු. අපි කවදාවත් දැකලා නැති, අහලාවත් නැති, මල්වලින් ඒ අය රොන් අරගෙන සාදන මීපැණි ඒ තරම්ම ගුණයිලු. සත්ව ප්‍රජාවට ඉමහත් සේවයක් සලසන මේ අපේ "මිතුරා" ගේ සතුරා කව්ද..? ඒ "නොමිනිසා" යි. ඔහුගේ පරිසර විරෝධී ක්‍රියාකාරකම් සියල්ලම මේ අහිංසකයට විනකළා. තවමත් නැවතී නැත. ..මිනිසාගේ දුරකථන කුළුණු වලින් පිටවන සමහර තරංග සංකයාතයන් නිසා මීමැස්සන්ගේ ස්වභාවික සන්නිවේදන ජාලය අවහිර වෙලා ඒගොල්ලෝ හාමතින් මිය ගිය අවස්ථාවන් කිහිපයක්ම අපි යුරෝපයේදී අත්දැකලා තියෙනවා. නමුත් දුරකථන "මාෆියාව" ඊට වඩා ප්‍රබල වෙලා..
සිංහල බෞද්ධයින්ගේ ඡන්දෙන් බලයට ආපු පාලකයින් සිංහල අපේ පෞරාණික වස්තු විනාශ කරමින් ඒවා සාධාරණීකරණය කරද්දිත් ඊට එරෙහි වන්නට කොන්ද පණ නැති පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවක් තියෙන රටක, තමන්ගේ පෞරාණික සිරිත් විරිත් කඩ නොකර අදටත් පවත්වා ගෙන යන එක ගැන වැදිනායක වන්නියලැත්තන්ට රටේම ගෞරවය හිමි වෙන්න ඕනේ. සත්තුන්ගේ නම් දෙකකින් තමන්වම වර්ගීකරණය කරගෙන පාර්ලිමේන්තුවට එන්න හදන 225ට, වන්නිලැත්තන්ගේ දැනුමෙන් සියයට 10ක් වත් නැහැ. අනාගතේ දවසක ආදීවාසීන් නියෝජනය කරමින් වන්නිලැත්තෝ ලංකා පාර්ලිමේන්තුවේ ඉස්සරහම පුටුවක වාඩිවෙන්න ඕනේ...
වැදි ජනතාව වුණත්, දළදා වහන්සේට මේ මිනිසුන්ගේ තිබෙන ගෞරවනීය භක්තිය අගය කළ යුතු දෙයක්. විශාල කැපවීමකින් මේ කරන පූජාව ජීවමාන බුදුපියාණන් වහන්සේ හා සමාන දළදා හාමුදුරුවන් වෙතයි. මිනීමරු ත්‍රස්තවාදී සහරාන් කල්ලිය මේ වැදි ජනතාව තරම්වත් වැදගත් කමක් නැහැ. සහරාන්ලාට, ඒ අයගේ නැට්ටේ එල්ලී යන අන්තවාදීන්ට මේ වැදි ජනතාව හොඳ ආදර්ශයක් තමයි දී තිබෙන්නේ. මේවා හෝ ආදර්ශයට ගෙන හැදෙන්නට සහරාන් කල්ලිය සිතට ගන්නවා නම් එය යහපත් දෙයක්...
දඹානට යන්න මට පුලුවන් නම්, මම නොවරදවාම යනවා... පුලුවන් නම් ඔක්කොම දමලා ගහලා යනවා. ඒ මිනිසුන් පරිසරයට ආදෙරයි වගේම හොඳ මානුෂීය ගුණධර්මයන් ප්‍රගුණකරපු සුන්දර මිනිසුන්. හිත තුළ එකක් තියාගෙන, එළියට වෙන මුහුනක් පෙන්වන කුහක මිනිසුන් නොවෙයි.. එයාලගේ මනුස්සකමට, අව්‍යාජ ගති සිරිත්වලට මම කැමතියි. එයාලත් එක්ක ටික කලක් හෝ ජීවත් වෙලා අමුතුම අත්දැකීමක් ලබන්නට මම කැමතියි. කවුද එන්නේ මාත් එක්ක..?
විජිත්, මා අසා තිබෙනවා අපේ මීමැස්සා මරා දමන විස සහිත දරුණු ගණයේ මී මැසි වර්ගයක් විදේශයකින් අප රටට ගෙනැවිත් අතහැර දමලා කියලා. මෙය අපේ මී මැසි ජනාවාසවලට තර්ජනයක් වෙලා තිබෙනවලු නේද? ඒ වගේම ඔයා කී දේත් හරි. දුරකථන අධිබලැති තරංග නිසා මීමැස්සන්ගේ පණිවුඩ හුවමාරුවට බාධා සිදු වෙනවලු. ඒ අය දුරකථන තරංග ඔස්සේ බොහෝ දුර ගොස් අතරමංව මියයනවාලු. මේවට විසඳුම් නැහැ. විජිත් කීවා වගේ මිනිසා නමැති සත්ත්වයා අද මේ සතුන්ගේ වඳවී යාමට හේතුවී තිබෙනවා. මේවා තේරුම් ගන්න බැරි අයෙකු කියා තිබෙනු මා දුටුවා දඹානේ ගෙවල් හැදීමක් ගැන. මොනවා කරන්නද? මේ වගේ පරිසරය ගැන දැනීමක් තිබෙන අය තමයි මේ රටේ ඉන්නේ...