(අංජුල මහික වීරරත්න)

ආදිවාසී ජනතාවට දීර්ඝ කාලීනව පවතින ගැටළු රැසකට විසදුම් ලබාදීම සදහා නව රෙගුලාසි පද්ධතියක් සහ නව පනතක් සකස් කිරීමේ කටයුතු ජනවාරි 23 වැනිදා  වන විට අවසන් කරන ලෙස අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ඒ සදහා පත් කළ කමිටුවට අද (11 ) උපදෙස් ලබා දුන්නේය.

ආදිවාසී ජනතාවගේ අයිතීන් සුරක්ෂිත කිරීම සදහා අවශ්‍ය නීතිමය රෙගුලාසි සකස් කිරීම සදහා  විජයදාස රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකවරයාගේ මුලිකත්වයෙන් කමිටුවක් පත් කර ඇති අතර, එම කමිටුව පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද රැස්වු අවස්ථාවේ අධිකරණ අමාත්‍යවරයා  මෙම උපදෙස් ලබා දුන්නේය.

පවතින නීති පද්ධතියට අනුකූලව ආදිවාසී ජනතාවගේ අයිතීන් ආරක්ෂා කිරීමට අදාල රෙගුලාසී ඇතුළත් ගැසට් පත්‍රය පළ කිරීමට කටයුතු කරන ලෙස ද අධිකරණ අමාත්‍යවරයා  වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශයේ  ලේකම්වරයාට උපදෙස් දුන්නේය.
ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැත්තන් ද මෙම  අවස්ථාවට සහභාගී විය.