
(සුජිත් හේවාජුලිගේ)
ආර්ථික ප්‍රශ්න හේතුවෙන් ඇතිවූ මානසික ගැටළු (ආතතීන්ට) වලට ප්‍රතිකාර ගැනීම සඳහා මානසික වෛද්‍යවරුන් හමුවට පැමිණෙන රෝගීන් ප්‍රමාණය දෙගුණයකින් පමණ වැඩිවී ඇතැයි ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා ලංකාදීපයට පැවැසීය.
එසේම සායනවලට පැමිණෙන එවැනි රෝගීන් සංඛ්‍යාවද දෙගුණයකින් වැඩිවී ඇතැයි පවසන විශේෂඥ වෛද්‍යවරයා ආර්ථික පීඩනය සහ අනාගතය පිළිබඳ අවිනිශ්චිතතාවය යනාදී කාරණා මෙම ආතති තත්වයන්ට ප්‍රධාන හේතුව බවද සඳහන් කළේය.
තම දරුවන්ගේ අනාගතය පිළිබඳ අවිනිශ්චිතතාව, තරුණ තරුණියන්ගේ බලාපොරොත්තු බිඳවැටීම, ඉගෙන ගත්තත් හොඳින් ජීවත් විය නොහැකිවේ යැයි යන සෘණාත්මක අවිනිශ්චිත මනෝභාවයන් , දරුවන් විදේශ ගත කිරීම සඳහා මුදල් සොයා ගැනීමට දරන උත්සාහයන් අසාර්ථක වීම, දරුවන් විදේශයන්ට යැවීමෙන් තමන් තනි වේ යැයි යන සිතුවිලි යනාදිය මෙම මානසික පීඩනයන්ට ප්‍රධාන වශයෙන් හේතුවී තිබෙන බවත් මෙම ආතති වර්ධනයවීමෙන් විශාදය වැනි රෝග තත්වයන් පවා මතු විය හැකි බවත් රූමි රූබන් මහතා ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්න හිතෙන රටක්....?
ඒක සම්පූර්ණ ඇත්ත... මම දන්න හුඟ දෙනෙක් මහ රෑ නැගිටලා ඇඳේ වාඩිවෙලා කල්පනා කරලා, වමනේ දාලා, ඔලුව රිදෙනවා කියනවා. කල්පනා කරලා .... මහින්දලාගේ, චන්ද්‍රිකාගේ, රනිල්ගේ, ප්‍රේමදාසගේ, ජේ.ආර්ගේ, බණ්ඩාරනායකගේ, DS ගේ අම්මලාව නිතරම අපි මතක් කරනවා.
ඔය ප්‍රශ්න මුකුත් නැත්තේ රාජපක්ෂ පවුලටයි රනිල්ටයි විතරයි.
දියුණු යැයි කියන සහ අපි යන්න දඟලන රටවලත් මානසික විශාධිය බහුලයි. ලෝකෙ කොහේ හිටියත් ප්‍රශ්න නැතිව ජීවත් විය නොහැක. කැප කිරීම්, වෙහෙස වීම් සහ ඉවසීම ඇතිව තමන්ට හොඳින් ජීවත් වීමට තවම පරිසරය ඇත. දේශපාලනය බදාගෙන එක එකාට වෛර කරනවා වෙනුවට තමන්ගෙන් රටටත්, රටෙත් තමන්ටත් විය යුතු දේ ගැන සිතා ජීවත් විය යුතුයි. ඉපදීම සිදුවන තුරු ප්‍රශ්න වලින් මිදිය නොහැක.
ලෝකයේ මානසික පීඩනය වැඩිම රට ශ්‍රී ලංකාව, සිරියාව, ඉරාකය, ඇෆ්ගනිස්ථානයත් අපිට පහළින්. ආසියාවේ ආශ්චර්යය
දියවන්නාවේ පිස්සෝ ටික පිස්සන් කොටුවට දැම්මා නම් අපේත් හිත් නිදහස්..!
ජනතාව මේ තත්වයට පත්කරපු හැම දේශපාලනඥයාට ම ශාපවේවා ! දෙවියන්ගේ ශාපය අත්වේවා...! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන්. දෙවියන්ගේ ශාපය අත්වේවා ..! බලු රාජපක්ෂ පවුලට කඩේයන වහල් බයියන්ටත් හෙණ හතම වැදියන්.., ශාප වේවා! දෙවියන්ගේ ශාපය අත්වේවා !!