(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ආණ්ඩුවේ මහා පොදු සාධකය වන වචන වල විශ්වාසය මේ වන විට බිඳ වැටී ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

"ජනතාව මේ ආණ්ඩුව පත් කළේ ඔවුන්ගේ වචන ගැන අප්‍රමාණ විශ්වාසයකින්.මේ ආණ්ඩුව බලයට පත් කරන ලද මහා පොදු සාධකය වන්නේ ජනතාවට කප්පරක් පොරොන්දු දෙමින්  තමුන්නාන්සේලා පාවිච්චි කරපු වචනයි. හැබැයි මේ අවස්ථාව වන විට තමුන්නාන්සේලා බලයට පත් කරපු මහා පොදු සාධකය වෙච්ච ඒ වචන වල විශ්වාසය බිඳවැටිලා ඉවරයි.පෝලිම් වලට  යන්න එපා, ඇති තරම් තෙල් තියෙනවා යැයි ආණ්ඩුව කියූ විට ඡන්දෙ දීපු අය වගේම නොදීපු අයත් තෙල් පෝලිමට යනවා යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.