(නිමල කොඩිතුවක්කු)
රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට බලයට පැමිණි ආණ්ඩුවට හාල් මෝල් හිමියන්වත් පාලනය කර ගැනීමට නොහැකි තත්ත්වයට පත්ව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් අමරසේන මහතා පැවසීය.
ජනතාවට සහන ලබාදීම කෙසේ වෙතත් තම ගජ මිතුරන්ට ලාභ ලබා දීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් අමරසේන මහතා මෙසේ ද කීය.
"මේ ආණ්ඩුවට කොරෝනා අර්බුදයත් ආර්ථික අර්බුදයත් කළමනාකරණය කරන්න බැහැ. ආණ්ඩුව හදිසියේම මහජන ආරක්ෂක පනත යටතේ හදිසි නීතියේ විධිවිධානයන් සම්මත කරගත්තා. කෝවීඩ් මර්දනයට හදිසි නීතිය අවශ්‍ය වන්නේ කොහොමද කියන එක මේ අවස්ථාවේ තිබෙන ගැටලුවක්.
කෝවිඩ් යනු වසංගතයක් එය මර්දනය කර ගැනීම සඳහා අපේ රටේ ඕනෑ තරම් නීති ප්‍රතිපාදන තිබෙනවා. වසංගත රෝග නිවාරණ පනත තියෙනවා. හාල්, පිටි, සීනි ,පරිප්පු ,ඇතුළු භාණ්ඩ වල මිල අඩු කරන්න හදිසි නීතිය යටතේ තීන්දු ගැනීමටත් නීතිමය විධිවිධාන අවශ්‍ය වන්නේ නැහැ.
ඒ සඳහා පාරිභෝගික ආරක්ෂක අධිකාරියෙ පනත තියෙනවා. ඒ තුලින් අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයුම තොග සඟවාගෙන ගැනීම වැනි කාරණාවලට මිල පාලනය වැනි දේවල් කරන්න පුළුවන්. අපේ රට තුළ ස්ථාපිත වෙච්ච ඕනෑතරම් අණපනත් නීතිරීති තිබියදී ආණ්ඩුව කඩිනමින් මහජන ආරක්ෂක පනත යටතේ හදිසි නීති විධානයන් රාශියක් පණවා ගනු ලැබුවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩිය දැඟලුවොත් අර 1970 ගණන් වල කළා වගේ, හාල් මෝලක් දමලා බත්කන එකත් තහනම් කරනවා. අපේ සර් කියනවා නම් පිදුරු වුණත් කන්න සූදානම් කට්ටියක් ඉන්න බව අමතක කරන්න එපා.
කොහොමටත් කිසිම දෙයක් වැටහෙන්නේ නැහැ.. කියලා අපි දන්නවා. පුතාණෝගේ ගජයෝ ටිකනේ...
සහතික ඇත්ත මේ මෝල් අයිතිකාරයන් පුතානොගේ කට්ටිය වෙන්න ඇති නේද ගොයියෝ..... ඔව් ඔව් දැන් බලයේ ඉන්න "අයට " කිසිදෙයක් බැහැ.
සහෝදර සමාගමේ වැඩ තක්කෙටම කෙරෙනවා... පවුලේ අය බෙදාහදා ගෙන කන හැටි පේන්නම තියෙන්නේ..?
ආණ්ඩුවේ තීන්දු තීරණ ගන්නේ මාෆියා කාරයෝ සහ විෂය ගැන කිසිම දැනුමක් නැති ඉනිස්සු.
මවුබිමේ පාපයට උපන් අපතයොන්ට කිසිම දෙයක් තේරුම්ගන්න තරම් මොලවල් නැහැ.
පාඩුවේ ඉන්න පැත්තකට වෙලා.
දැන් මේ හාල් අත්පත් කරගත් එක ගැන හිත අමාරුවෙන් වෙන්න ඇති මේ කතාකරන්නේ. ඔයාලට ඔහොම එකක්වත් පුළුවන් වුණාද.
මේ දවස්වල ආණ්ඩුවට තද වෙලා ඉන්නේ,