IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ආණ්ඩුවට එන්න හිටි ස.ජ.බ ලොක්කෙක් පස්ස ගහයි

 

(සුජිත් හේවාජුලිගේ )

ආණ්ඩුවට සම්බන්ධ වෙතැයි පසුගිය කාලයේදී ලොකු කතා බහකට ලක්වූ සමගි ජන බලවේගයේ  නම ගිය පුද්ගලයකු එලෙස  සම්බන්ධවීමට දැන් දැන් අදි මදි කරමින් සිටින බව වාර්තා වේ.

එසේවී ඇත්තේ මුදල් අමාත්‍ය ධූරය ඉල්ලා එය නොලැබීම නිසා බව දේශපාලන ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත.

ඔහුට ආණ්ඩුවෙන් ලබාදීමට තීරණය කර ඇත්තේ  ප්‍රතිපත්ති සැලසුම් අමාත්‍ය  ධූරයයි. එහෙත් ඔහු ඊට එකඟවී නැතැයිද  එම ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර ආණ්ඩුවේ  අමාත්‍ය මණ්ඩලයේ සෙසු අමාත්‍යවරුන් පත් කිරීම ලබන සතියේ අතුරු අයවැය ඉදිරිපත් කිරීමෙන් පසු කෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.

එය මෙසේ ප්‍රමාද කර ඇත්තේ අයවැය විවාදයන්හිදී එම කාරණය යම් විවේචනයකට ලක්වීමේ ඉඩකඩ වැළැක්වීම සඳහා බව  දැනගන්නට ඇත.

මේ අතර අමාත්‍යවරුන් පත් කිරීමේදී  රාජ්‍ය අමාත්‍යවරුන් මුලින්ම පත් කිරීමට රජය සැලසුම් කර ඇත.



අදහස් (7)

ආණ්ඩුවට එන්න හිටි ස.ජ.බ ලොක්කෙක් පස්ස ගහයි

ravin Saturday, 27 August 2022 11:25 AM

හොරු රැලට පණ දෙන්න වෙන්න ඇති. ලෝක බැංකුව නිකුත් කරන නිවේදන අනුව නම් පෙනෙන්නේ නිසි විගනනය අංක එක කියලා.

:       3       62

සමිත අලුත්ගමගේ. Saturday, 27 August 2022 12:55 PM

අපි සුද්දන්ට බැන්නට, මේ රටේ දේශපාලකයින්ව සතපහකට හෝ තඹ දොයිතුවකට විශ්වාස කරන්නට බැහැ. රටම හොරාකාපු දේශපාලකයින් මහා ධන සම්භාරයක් උපයාගෙන සුර සැප විඳිනවා. ඒත් බොරුවට කෑ කෝ ගැහුවට අනිත් දේශපාලකයින් ඔවුන් අල්ලා නීතිය ඉදිරියට ගෙනඒමට උදව් කරන්නේ නැහැ. රට විනාශ කළ අය සුවසේ නිදැල්ලේ. සුළුසුළු දේවලට නීතිය තදින් ක්‍රියාත්මක වන බවක් පෙනේ. අහෝ.. සැමට පොදු හා සාධාරණ විය යුතුයි.

:       60       40

KesaraSunday, 28 August 2022 09:54 AM

මේ ඡන්ද ක්‍රමය, අධ්‍යාපන ක්‍රමය, පරිපාලන ආයතන, නීතිය සේරම සුද්දා හදලා ගියපුවා තමයි. ඔවුන් ඒ හදලා ගියේ අපිව රූකඩ වගේ නටවන්න පුළුවන් සිස්ටම් එකක්. ඒක වෙනස් කරන්න යන ඔවුන්ගේ නූල් ටික ඔවුන් හිමීට කපලා දැම්මා එදා ඉඳන්... තාමත් ඒ සිස්ටම් එකේ දුක් විඳවිඳ, සුද්දට ආවඩන අය නම් මිනිස්සු වෙන්න බෑ...!

:       1       1

උපාලි Saturday, 27 August 2022 02:48 PM

අපේ අචාරි හරිෂ නම් නෙවෙයි ඔන්න...!

:       1       48

සුරංග Sunday, 28 August 2022 06:01 AM

මුදල් සම්බන්ධ බලතල තියෙන්නේ පාර්ලිමේන්තුවට කියලා කිව්වට දැනටත් මෙයට පෙරත් මුදල් ඇමැතිවරයා ලෙසට විධායකය (ජනාධිපති) කටයුතු කල අවස්ථා තියෙනවා... එය පාර්ලිමේන්තුවේ බලය උදුරා ගැනීමක් කියන්න පුළුවන්. මෙම තත්වය රට මෙලෙස අගාධයට වැටීමට හේතුවුණා කියලා කියන්න පුළුවන්... එය මහින්ද රාජපක්ෂ මුදල් ඇමැතිවරයා ලෙසට කටයුතු කිරීම නිසා හොඳින්ම පේනවා...

:       0       2

fairoos Sunday, 28 August 2022 12:08 PM

ඉන්න ඩීල් කාරයෝ ටික පන්නන්නම ඕනෑ. නැතිනම් රට තවත් වලපල්ලට...

:       0       3

BamunuarachchiSunday, 28 August 2022 02:07 PM

ඒක තමයි මුස්ලිම් සෙට් එක නැති ආණ්ඩුවක් හදන්න කියන්නේ...!

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 423 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1028 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site