IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ආණ්ඩුවේ හැසිරීමෙන් ජනතාව සිව්වැදෑරුම් ඛේදවාචකයකට

(යොහාන් භාසුර)

වර්තමාන ආණ්ඩුවේ ක්‍රියාකලාපය හේතුවෙන් මහජනතාව සිව්වැදෑරුම් ඛේදවාචකයකට ගොදුරු වී ඇති බවත් සෞඛ්‍ය සේවය තිස් අවුරුදු යුද සමයේ ද මෙවැනි කඩාවැටීමකට පත් නොවූ බවත් නිදහස් ජනතා සභාවේ විධායක කමිටු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (31) පැවසීය.  

රජයේ රෝහල්වල ක්‍රියාපිළිවෙත පිළිබඳව මහජනතාව තුළ සැකයක් මතු වී විශ්වාසනීයභාවය පිළිබඳ ප්‍රශ්නයක් උද්ගත වී ඇති බව කී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා රෝහල්වල ඖෂධ හිගය නිසා රෝගී ජීවිත අවදානමකට ලක්වී ඇති බව ද සඳහන් කළේය.

ජනතාවගේ මිනී උඩින් හෝ සාක්කු පුරවා ගැනීමේ ක්‍රියාවලියක් ඇත්තේ යැයි විගණනාධිපති වාර්තාවලින් මනාව හෙළි වන බව කී මහාචාර්යවරයා වෛද්‍යවරු රට හැර යෑම හේතුවෙන් රෝහල් වැසී යාමේ අවදානමක් ඇති බව කීය.

නිදහස් සෞඛ්‍යය මේ වන විට නාමමාත්‍රයක් බවට පත්ව ඇති බව කී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසුවේ එක තැන පල්වෙන වර්තමාන ආණ්ඩුව පලවා හැරීමට සියලු දෙනා පෙළගැසිය යුතු බවත්ය.

තරිඳු උඩුවරගෙදර මාධ්‍යවේදීයා අත්අඩංගුවට ගත් ආකාරය පිළිකුල් සහගත බවත් ‘අස්වැසුම’ යනු රජයේ ප්‍රෝඩාවක් මෙන්ම කිසිදු විනිවිදභාවයකින් තොර වැඩසටහනක් බවත් මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා වැඩි දුරටත් සඳහන් කළේය. 



අදහස් (0)

ආණ්ඩුවේ හැසිරීමෙන් ජනතාව සිව්වැදෑරුම් ඛේදවාචකයකට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 242 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site