(අජන්ත කුමාර අගලකඩ)

ආණ්ඩු පක්ෂයේ හදිසි රැස්වීමක් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී අද (06) රාත්‍රියේ පැවැත්වේ.

රටේ ඇතිව තිබෙන අර්බුදකාරී තත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙම හදිසි රැස්වීම කැඳවා ඇතැයි ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් සඳහන් කළේය.