
(අංජුල මහික වීරරත්න)
වර්තමානයේ උද්ගතව තිබෙන තත්වයට දේශපාලනඥයන්ගෙන් පිළිතුරු ලැබෙනවා ද නැද්ද යන කාරණය පිළිබඳව ජනතාව කල්පනා කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
සෞභාග්‍යයේ දැක්ම කියවා මේ ආණ්ඩුව ගැන ජනතාව විශේෂ බලාපොරොත්තුවක් තබා ගෙන සිටි අතර රට අලුත් මාර්ගයක ගමන් කරනු ඇතැයි ඔවුන් බලාපොරොත්තු වු බවද හිටපු අග්‍රාමාත්‍යවරයා කීය.
නමුත් අද වන විට ආණ්ඩුවේ යන්ත්‍රණය වැඩ නොකරන තත්ත්වයට පැමිණ ඇතැයි ද දෙවන ලෝක යුද්ධ සමයේ දී වත් මෙවැනි තත්ත්වයක් නොතිබූ බව පැරැන්නන් කියා තිබෙන්නේ යැයිද එජාප ප්‍රතිසංවිධාන වැඩසටහනක දී රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරයගේ, මෙයාගේ වැරැදි පෙන්නලා අපේ ඇස් වහලා ආයෙත් බලේට එන්න දඟලනවා නෙමෙයි ඔන්න..